මහ වැසි මැද ගාලු මුවදොර නොනවතින රැල්ල දිගට ම

GOHOMEGOTA ලෙස ගාලු මුවදොර පිටියේ ඊයේ ආරම්භ කළ නොනවතින රැල්ල විරෝධතා ව්‍යාපාරය රාත්‍රිය සහ මහා වැසි නොතකා මේ වනවිටත් දිගට ම ක්‍රියාත්මක වෙමින් පවතියි.
උද්ඝෝෂණයට තවත් පිරිස් අලුතින් සම්බන්ධ වෙමින් පවතින අතර එයට සහය පළ කරමින් දිවයිනේ වෙනත් ප්‍රදේශවල මෙන් ම කොළඹ වෙනත් ස්ථානවල ද විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කොට ඇත.
ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන තෙක් තමන්ගේ උද්ඝෝෂණ නොනවත්වා ක්‍රියාත්මක කරන බව ගාලු මුවදොර විරෝධයේ යෙදී සිටින නිර්පාක්ෂික විරෝධතාකරුවෝ කියති.
ඊයේ උදේ සිට ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය මහා වැසි නොතකා අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.
