අද කොවිඩ් මරණ 20 ක්, නව ආසාදිතයින් 1273 ක් වාර්තා වෙයි

අද දිනයේ තවත් කොවිඩ් මරණ 20 ක් තහවුරු කළ බවත්, නව ආසාදිතයින් 1273 ක් අලුතින් හඳුනාගත් බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තාවල දැක්වෙයි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,969 ක් වෙයි. මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදීත සංඛ්‍යාව සටහන් වන්නේ 635,606 ක් වශයෙනි.

ඉන්ධන නැව් දෙකක් එනවා – නිදහස් කරගන්න ඩොලර් මිලියන 60 ක් ඕනෑ – ඇමති ගම්මන්පිල

ඉන්ධන නෞකා දෙකක් හෙට (19) ශ්‍රී ලංකාවට ළගා වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියයි. එම නෞකා දෙකේ ඩීසල් සහ පෙට්‍රල් ඇති බවත් එම ඉන්ධන තොගය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 60 ක් පමණ අවශ්‍ය වන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කීය. රට තුළ දැඩි ඉන්ධන හිඟයක් ඇතිවීමෙන් ජනතාව මේ වන විට දැඩි පීඩාවට…

අද කොවිඩ් මරණ 23 යි, නව ආසාදිතයින් 1282 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන අනුව කොවිඩ් මරණ 23 ක් අද දිනයේ තහවුරු කොට ඇති අතර හඳුනාගෙන ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1282 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,949 ක් ලෙස සටහන් වී ඇත. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 634,333 ක්…

තෙල් ගන්න සල්ලි නෑ ; පැයයි විනාඩි 45 ක විදුලි කප්පාදුවක්

අවශ්‍ය ඛනිජ තෙල් සපයා ගැනීමට නොහැකි වීමෙන් විදුලි බලාගාර කිහිපයක් ක්‍රියා විරහිත කිරීමට සිදු වී ඇති බැවින් අද  (18) පස්වරුවේ සිට දිවයින පුරා පැයයි විනාඩි 45 ක් කාලයක් අවස්ථා දෙකකදී විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි. සමස්ත ශ්‍රී ලංකාව කාණ්ඩ හතරක් යටතේ අද පස්වරු 2.30 සිට 6.30 දක්වා…

හිටපු පොලිස්පති පුජිත ජයසුන්දරත් නිදහස්

පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට නොහකි වීමේ වරදට චෝදනා ලබා සිටි හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ද සියලු චෝදනාවලින් නිදහස් කිරීම ට විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලය අද නියෝග කළේය. සියලු තොරතුරු ලැබී තිබිය දීත් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැනීමට නොහැකි වීම පිළිබඳව හිටපු පොලිස්පති වරයාට චෝදනා නගා තිබිණි. විශේෂ මහාධිකරණය අද නියෝග කළේ එම චෝදනාවලින් හිටපු…

ආරක්ෂාව ඉල්ලා චමුදිත අධිකරණයට යයි

සිය නිවසට පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ද තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා නැතැයි කියන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ආරක්ෂාව සැපයීමට පොලිසියට නියෝග කරන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කොට ඇත. පසුගිය 14 දා ඒ මහතාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය ගැන පොලිසියට පැමිණිලි කළ ද මෙතෙක් ඒ පිලිබඳව විධිමත් පරීක්ෂණයක් ද සිදුකොට නැත. ඒ…

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරයි

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර නොගැනීමේ චෝදනාව යටතේ පවරා තිබු නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය. එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට නඩු පවරා තිබුණේ ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබිය දී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර නොගැනීම සම්බන්ධයෙනි.

තෙල් ගෙන්න ඩොලර් නෑ ; තෙල් මිල වැඩි කරන්නැයි මහ බැංකුවත් කියයි

ඛනිජ තෙල් මිල ලෝක වෙළෙඳපොලේ මිල අනුව වැඩි කළ යුතු බව තමන් රජයට යෝජනා කොට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි. ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල ඉහල ගොස් තිබිය දී තෙල් මිල වැඩි නොකිරීම නිසා ඛනිජ තෙල් භාවිතය අඩු කිරීමට නොහැකි වන බවත්, දිගින් දිගට මෙම ප්‍රමාණයෙන් ඛනිජ තෙල්…

උපයෝගිතා කොමිසමේ විකල්ප යෝජනා ඉවත දමා ලංවිම ඉංජිනේරුවෝ විදුලිය කපන්නම යති

විදුලි කැපීමකින් තොරව ඉදිරි මාස තුනේ දී අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කොට ඇති විකල්ප යෝජනා ප්‍රයෝගික නැති බව කියන  ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය දිනපතා විදුලි කැපීමක් අත්‍යවශ්‍ය බව කියයි. විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගැනීම සඳහා පෞද්ගලික අංශය සතු ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරවීම ඇතුළු යෝජනා ගණනාවක් ඉදිරිපත් කොට ඇති උපයෝගිත කොමිසම…

ලන්සා නොයයි ; ලේකම්ට යන්න වෙයි !

පසුගියදා තම අමාත්‍යංශ කාර්ය මණ්ඩලය ඉවත් කරගෙන අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට පුවත් නිර්මාණය කළ රාජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා වෙනත් ආයතනයකට මාරු කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර ඇත. රජයේ ඉහළ බලධාරීන් ඔහුගෙන් මේ…

අද කොවිඩ් මරණ 27 ක්, නව ආසාදිතයින් 1235 ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිත මරණ 27 ක් අද දිනය තුළ තහවුරු කළ බවත්, නව ආසාදිතයින් 1235 ක් අලුතින් හඳුනාගත් බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදන මගින් ප්‍රකාශිතය. මෙරටින් මේ දක්වා වාර්තා  වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 15,926 ක් වශයෙනි. කොවිඩ් ආසාදිතයින් ලෙස මෙරටින් වාර්තා වී ඇති සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ…

පෙට්‍රල් රුපියල් 192යි ; ඩීසල් 169 යි : තෙල් මිල ඉතිහාසගත වැඩිවීමක ලකුණු !

පෙට්‍රල් ලීටරය රුපියල් 192 දක්වාත්, ඩීසල් ලෙඑඑඑතරය 169 දක්වාත් වැඩි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලීම් කොට ඇති බවත්, ඒ අනුව මිල වැඩි කළහොත් එය ඉතිහාසයේ වැඩි ම තෙල් මිල වැඩිවීම වනු ඇති බවත්, බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල විශාල ලෙස වැඩි වී ඇති නිසා සංස්ථාව පැත්තෙන් එම…