ආරක්ෂාව ඉල්ලා චමුදිත අධිකරණයට යයි

සිය නිවසට පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ද තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා නැතැයි කියන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ආරක්ෂාව සැපයීමට පොලිසියට නියෝග කරන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කොට ඇත.
පසුගිය 14 දා ඒ මහතාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය ගැන පොලිසියට පැමිණිලි කළ ද මෙතෙක් ඒ පිලිබඳව විධිමත් පරීක්ෂණයක් ද සිදුකොට නැත.
ඒ අතර චමුදිත සමරවික්‍රම මහතාට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ වී ඇති අතර ප්‍රහාරය ඒ මහතාට විදේශයක දේශපාලන රැකවරණ ගැනීමට කළ උප්පරවැට්ටියක් බව අඟවන ලෙසත්, මේ වනවිටත් ඇතැම් රටවල වීසා ලැබී ඇති බවටත්, ප්‍රචාර කරමින් පවතියි.
