තෙල් ගෙන්න ඩොලර් නෑ ; තෙල් මිල වැඩි කරන්නැයි මහ බැංකුවත් කියයි

ඛනිජ තෙල් මිල ලෝක වෙළෙඳපොලේ මිල අනුව වැඩි කළ යුතු බව තමන් රජයට යෝජනා කොට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල ඉහල ගොස් තිබිය දී තෙල් මිල වැඩි නොකිරීම නිසා ඛනිජ තෙල් භාවිතය අඩු කිරීමට නොහැකි වන බවත්, දිගින් දිගට මෙම ප්‍රමාණයෙන් ඛනිජ තෙල් ගෙන්වීමට ඩොලර් සැපයීම අපහසු බවත්, මහ බැංකුව රජයට දැනුම් දී තිබේ.

තෙල් මිල වැඩි කළ විට පරිභෝජනය අඩු වීම මගින් තෙල් ආනයන වියදම අඩු කර ගත හැකි වෙතැයි මහා බැංකුව අපේක්ෂා කරයි.

විශාල ලෙස තෙල් මිල වැඩි කිරීමේ ඉල්ලීමක් මහ බැංකුව මීට පෙර ද ඉදිරිපත් කළ ද රජය එම මට්ටමින් තෙල් මිළ වැඩි නොකළ අතර ඒ අවස්ථාවේ කළ මිල වැඩිකිරීම ද ප්‍රමාණවත් නැති බව මහා බැංකුවේ අදහස වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *