ලන්සා නොයයි ; ලේකම්ට යන්න වෙයි !

පසුගියදා තම අමාත්‍යංශ කාර්ය මණ්ඩලය ඉවත් කරගෙන අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට පුවත් නිර්මාණය කළ රාජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා වෙනත් ආයතනයකට මාරු කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

රජයේ ඉහළ බලධාරීන් ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසා ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වී ඇත.

ඔහු වෙනත් රාජ්‍ය අමාත්‍යාංශයකට හෝ රජයේ වෙනත් ආයතනයක ඉහළ තනතුරකට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා වේ.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා සමඟ ඇතිවූ බව කියන මත ගැටුමක් හේතුවෙන්, සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය ද අමාත්‍යාංශයෙන්  ඉවත් කර ගත්තේය.

ඒ මහතා ඇමති ධුරයෙන් ඉවත් වන බවට පුවත් පල වුයේ ඉන් අනතුරුව ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *