අරලියගහ මැදුරේ සාකච්ඡාවේ තීන්දුව ; අගමැති සිටිය දී ඇමති මණ්ඩලය අස්වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් නොවී අනෙක් සියලු කැබිනට ඇමතිවරුන සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති බව මීට සුළු මොහොතකට පෙර වාර්තා වීය. ඒ අනුව වහ ම නව ඇමති මණ්ඩලයක් පත් කළ යුතු වෙයි. අරලිය ගහ මැදුරේ පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසුව ගත තීරණයක් අනුව මෙම ඉල්ලා අස්වීම සිදුකොට තිබේ. නව ඇමති මණ්ඩලයක් දිවුරුම්…

කැරලිකාර කණ්ඩායම මැති සබේ ස්වාධීන වෙයි

  ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස හෙට (05)වෙනම අසුන් ගනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි. ඇමති වාසුදේව නානයක්කාර මහතා ද ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම අසුන් ගනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති…

නාමල් වහා ම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

නාමල් රාජපක්ෂ මහතා ඔහු දැරූ ක්‍රීඩා ඇමති ධුරයෙන් සහ අනෙක් සියලු තනතුරුවලින් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි. මෙම ඉල්ලා අස්වීම සිදුවුයේ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ දෙදෙනා ම ඇමති තනතුරුවලින් ඉවත් කළ යුතු බවට ජනාධිපති , අගමැති දෙදෙනා අතර අද සවස පැවති සාකච්ඡාවේ දී තීරණය කළ බව වාර්තා වීමත්…

බැසිල්, නාමල් දෙදෙනා ම ඉවත් කරන්න ජනපති, අගමැති සාකච්ඡාවේ තීරණයක්

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා යන දෙදෙනා ම ඇමති තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර අද සවස පැවති හදිසි සාකච්ඡාවේ දී තීරණය කොට ඇති බව ඉන්දියාවේ සිට ක්‍රියාත්මක ජාත්‍යන්තර පුවත් සේවයක් වන විඔන් (WION ) පුවත් සේවය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළේය….

අස්වන්නේ කවුද ? අරලිය ගහ මැදුරේ සාකච්ඡාවක් !

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට යන බව ප්‍රචාරය වීමෙන් පසු එතුමාට ඉල්ලා අස නොවන ලෙස ඉල්ලා සිටි මැති ඇමතිවරුන් ඉදිරිපත් කරන විවිධ යෝජනා සම්බන්ධ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී මේ වනවිටත් පැවැත්වෙන බව තතු දත් දේශපාලන අංශ කියයි. අර්බුදයේ වගකීම භාරගෙන ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉල්ලා අස්වීම ඇතුළු විවිධ යෝජනා මෙම සාකච්ඡාවට පෙර සිට ඉදිරිපත්…

අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි ? බැසිල් නැති ඇමැති මණ්ඩලයක් ?

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි. ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද රාත්‍රියේ ම ජනාධිපතිවරයාට භාර දීමට නියමිත බව කියති. මේ අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමති පිරිසක් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම වළකා ගැනීමට උත්සහ දරමින් සිටින බව ද වාර්තා වෙයි. අගමැතිවරයා ඉල්ලා අස් වූ විට…

අන්තර් වාර පාලනයකට ජනපති, අගමැති එකඟවෙයි ! දින කිහිපරකින් නව ඇමති මණ්ඩලයක් !!

වහා ම අන්තර් වාර පාලනයක් පිහිටුවිය යුතු බවට ආණ්ඩුවේ කැරලිකාර පාර්ශවය කළ ඉල්ලීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බවත්, පාර්ලිමේන්තුවේ අනෙක් පක්ෂ සමග සාකච්ඡා කොට නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බවත්, තතුදත් දේශපාලන අංශ කියයි. මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල කණ්ඩායම…

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාස භංගය ඉවත දමයි – පාර්ලිමේන්තුව විසුරුවයි

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද (4) පැවැත්වීමට නියමිතව තිබුණත්, පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර් ඊට විරෝධය දක්වමින් විශ්වාසභංගය අවලංගු කළේය. ඒ, එම විශ්වාසභංගය, ව්‍යවස්ථාවට පටහැනි බවත්, පාකිස්තානයේ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් බවත් පෙන්වා දෙමිනි. ඒ සමඟ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීගෙන්…

භාෂණයේ නිදහසට වැට බැඳීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි. ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාමාර්ග හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව, රට තුළ භාවිත සියලු සමාජ මාධ්‍ය අවහිර කරන මෙන් සේවා සපයන්නන්ට දැනුම් දුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද (අප්‍රේල් 03) නිවේදනය කර ඇත. ඊට පෙර ජනාධිපතිවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර රට පුරා ඇඳිරිනීතිය පනවා ඇත. ශ්‍රී ලංකාව  ඉතිහාසයේ ඉතාම අඳුරු කාලපරිච්ඡේදයක් ගත කරමින් සිටියදී ඊට විසඳුම් සෙවීමට…

‘පීඩිතව සිටින ජනතාව මර්දනය නායකත්වයකට සුදුසු නෑ ‘ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

ජනතාව පීඩාවට පත් වෙද්දී එම පීඩාවන්ට එරෙහිව නැගී සිටින පුද්ගලයන් මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකත්වයට කිසිසේත්ම සුදුසු නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ජනතාවගේ ප්‍රශ්න විසඳනවා විනා හදිසි නීතිය සහ ඇඳිරි නීතිය  යොදා ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා නිර්ලජ්ජිත උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද රුවන් විජයවර්ධන මහතා සඳහන්…

සජබ මන්ත්‍රීවරුන්ගේ විරෝධයට වැට

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද කොළඹ නිදහස් චතුරශ්‍රය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විරෝධතා ව්‍යාපාරය පොලිස් බාධක යොදා නතර කර තිබේ. සජබ මන්ත්‍රී පිරිස කොළඹ නෙලුම් පොකුණ අසලින් ගමන් අරඹා නිදහස් චතුරශ්‍රයට ඇතුළු වීමට උත්සහ දරා ඇතත්, පොලිසිය එයට ඉඩ දී නැත.

‘සමාජ මාධ්‍ය අවහිර කිරීම වැඩක් නැති වැඩක්‘ – රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ

සමාජ මාධ්‍ය අවහිර කිරීම පිලිබඳ නැවත සලකා බලන ලෙස රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ. ඔහු තම නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ පිළිබඳව පවසා ඇත. සමාජ මාධ්‍ය අවහිර කර තැබුවද වී.පී.එන් භාවිතයෙන් සමාජ මාධ්‍යට පිවිසිය හැකි බවත් ඔහුද වී.පී.එන් භාවිතයෙන් සමාජ මාධ්‍යට පිවිසුන හෙයින් සමාජ මාධ්‍ය අවහිර කිරීම පළ රහිත ක්‍රියාවක්…