බැසිල්, නාමල් දෙදෙනා ම ඉවත් කරන්න ජනපති, අගමැති සාකච්ඡාවේ තීරණයක්
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා යන දෙදෙනා ම ඇමති තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර අද සවස පැවති හදිසි සාකච්ඡාවේ දී තීරණය කොට ඇති බව ඉන්දියාවේ සිට ක්‍රියාත්මක ජාත්‍යන්තර පුවත් සේවයක් වන විඔන් (WION ) පුවත් සේවය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළේය.
ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව විශේෂ වාර්තාවක් ගෙන එමින් එම පුවත් සේවය මේ බව වාර්තා කළේය.
ගොටභය, මහින්ද හැර අනෙක් රාජපක්ෂවරුන් සියලු දෙනා ඇමති මණ්ඩලයෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇති බව වෙනත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
