නාමල් වහා ම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

නාමල් රාජපක්ෂ මහතා ඔහු දැරූ ක්‍රීඩා ඇමති ධුරයෙන් සහ අනෙක් සියලු තනතුරුවලින් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.

මෙම ඉල්ලා අස්වීම සිදුවුයේ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ දෙදෙනා ම ඇමති තනතුරුවලින් ඉවත් කළ යුතු බවට ජනාධිපති , අගමැති දෙදෙනා අතර අද සවස පැවති සාකච්ඡාවේ දී තීරණය කළ බව වාර්තා වීමත් සමග ය.

මේ දෙදෙනා ම ඉවත් කිරීමට තීරණය කොට ඇතැයි විඔන් පුවත් සේවය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළේය.

සමාජ මාධ්‍ය තහනම පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා විවේචනාත්මකව අදහස් ප්‍රකාශ කොට තිබිණී.

ඒ අතර එතුමාගේ බිරිඳ  ඇතුළු පවුලේ සාමාජිකයින් නව දෙනෙකු රටින් පිටව ගිය බව ද වාර්තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *