අස්වන්නේ කවුද ? අරලිය ගහ මැදුරේ සාකච්ඡාවක් !

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට යන බව ප්‍රචාරය වීමෙන් පසු එතුමාට ඉල්ලා අස නොවන ලෙස ඉල්ලා සිටි මැති ඇමතිවරුන් ඉදිරිපත් කරන විවිධ යෝජනා සම්බන්ධ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී මේ වනවිටත් පැවැත්වෙන බව තතු දත් දේශපාලන අංශ කියයි.
අර්බුදයේ වගකීම භාරගෙන ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉල්ලා අස්වීම ඇතුළු විවිධ යෝජනා මෙම සාකච්ඡාවට පෙර සිට ඉදිරිපත් වී තිබු බව කියති.
එමෙන් ම විදුලිය, ඉන්ධන, ගෑස් ප්‍රශ්නවලට වහා විසඳුම් දීම ගැන ද යෝජනා ඇතත්, ප්‍රයෝගික වැඩ සටහනක් නොමැති වීම ද සාකච්ඡාවට ලක්ව ඇත.
කෙසේ වෙතත්, රටේ අද පවතින තත්ත්වය තුළ මහජනයාට පිළිගත හැකි මට්ටමේ වෙනසක් අවශ්‍ය බව ද අගමැතිතුමාගේ කිට්ටුවන්තයන්ගේ අදහස වී තිබේ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඉල්ලා සිටින අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවල දී තීරණයක් ගනු ඇතැයි අපේක්ෂිත ය.
