අන්තර් වාර පාලනයකට ජනපති, අගමැති එකඟවෙයි ! දින කිහිපරකින් නව ඇමති මණ්ඩලයක් !!

වහා ම අන්තර් වාර පාලනයක් පිහිටුවිය යුතු බවට ආණ්ඩුවේ කැරලිකාර පාර්ශවය කළ ඉල්ලීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බවත්, පාර්ලිමේන්තුවේ අනෙක් පක්ෂ සමග සාකච්ඡා කොට නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බවත්, තතුදත් දේශපාලන අංශ කියයි.

මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල කණ්ඩායම සමග ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙන වෙන ම සාකච්ඡා කොට ඇති බවත්, එහි දී මෙම එකඟත්වය ඇති කරගෙන තිබෙන බවත්, කියති.

අන්තර වාර පාලනය කෙලෙස විය යුතු ද යන්න පිලිබඳව ආණ්ඩුවේ සහ විපක්ෂයේ කණ්ඩායම් අතර මේ වනවිටත් සාකච්ඡා ගණනාවක් සිදුව ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.

එම කරුණු පිලිබඳ අවසන් තීරණ ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුවෙමින් පවතින බව ද දැනගන්නට ඇත.

5දා අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන විට මේ පිලිබඳ එකන්ගත්වයන්ට පැමිණීමට අපේක්ෂා කරන බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *