මහජන උපයෝගිත කොමිසම අහෝසි කිරීම අවුල් ජාලයක් වෙයි – කොමිසම නැතිව කිසිවක් කරන්න බෑ !
පාර්ලිමේන්තුවේ පනතකින් නීතිය වෙනස් නොකර හිතුවක්කාර ලෙස මහජන උපයෝගිත කොමිසම අහෝසි කරන්නට යෑමෙන් අලුත් ප්රශ්න රාශියක් නිර්මාණය වන බවත් , විදුලිබල ක්ෂේත්රයේ අලුත් සංවර්ධන වැඩ කිසිවක් කළ නොහැකි තත්ත්වයක් උද්ගත වන බවත් ක්ෂේත්රයේ තතු දත් අංශවලින් ‘යුක්තිය’ට දැනගන්නට ලැබී ඇත. එයට හේතු වී ඇත්තේ , කලින් ලංකා විදුලිබල මණ්ඩලයට තිබු බලතල සීමා කොට ඉන් වැදගත්…
