කොවිඩ් පොකුරට අදත් 797ක් එක්වෙති ; පොකුර 25,882 යි. සමස්තය 29,377 යි

කොවිඩ් 19 ආසාදිතයින් 797 දෙනකු අද දිනයේ දී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.
මෙයින් 567 ක් මිනුවන්ගොඩ පැලියගොඩ පොකුරට සම්බන්ධ බවත් , 230 ක් බන්ධනාගාර පොකුරට සම්බන්ධ බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියයි.
ඒ අනුව වත්මන් කොවිඩ් රැල්ලේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 25,882 ක් බවත් මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්තය 29,377ක් බවත් වාර්තා වී ඇත.
