මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 30,000 පනී ; අද අලුතින් එකතුව 694 යි

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 694 දෙනකු වාර්තා වීමත් සමග මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 30,000 සීමාව ද ඉක්මවා ගියේ ය. එය දැන් සටහන් වන්නේ 30,071 ක් වශයෙනි.

අද දිනයේ ආසාදිතයින් 359 ක් සහ 335 ක් ලෙස අවස්ථා දෙකක දී 694 ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කලේ ය.

වත්මන් කොවිඩ් පොකුරේ මේ වනවිට සංඛ්‍යාව 26,516 ක් බව එම නිවේදනයේ සඳහන් වෙයි. මෙම සංඛ්‍යාව වාර්තා  වන්නේ පසුගිය ඔක්තෝබර් මුල් සතියෙන් පසු ගත වූ මාස දෙකක කාලය ඇතුළත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *