එජාප ඉදිරිමග පිලිබඳ සාකච්ඡාවක් රනිල්ගේ ප්‍රධානත්වයෙන් වජිරගේ නිවසේ දී

 

2020 දෙසැම්බර් 08 වන අඟහරුවාදා සවස හිටපු අග්‍රාමාත්‍ය එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ 2021 වර්ෂයේ වැඩ පිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසේදී පවත්වනු ලැබු බව වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි..

පසුගිය කාල සීමාව තුළ රුවන් විජේවර්ධන මහතා නියෝජ්‍ය නායක වූ පසු පක්ෂයේ වැඩ කටයුතු වලට සම්බන්ධ නොවී ඈත් වී සිටි ලක්ෂ්මන් විජේමාන්න, රවී කරුණානායක සහ නවීන් දිසානායක යන මහත්වරුන් ද ඒ සඳහා සහභාගී වී සිටි බව කියති.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සන්දීප් සමරසිංහ, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, රංගේ බණ්ඩාර, අර්ජුන රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න, සාගල රත්නායක යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ .

එම සාකච්ඡාව සවස 4:00 ට පමණ ආරම්භ වී රාත්‍රී වනතුරු පැවැත්වූ අතර, එහිදී රවී කරුණානායක, ලක්ෂ්මන් විජේමාන්න සහ නවීන් දිසානායක යන මහත්වරුන්  එක්සත් ජාතික පක්ෂයේ අනාගතය වෙනුවෙන් සියලු  දෙනා බෙදීමකින් තොරව එකතු කරගනිමින් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් ප්‍රකාශ කොට ඇත. වැඩිදුර කරුණු සාකච්ඡා කිරීම සඳහා නැවත දිනයක් යෝජනා කරමින් පළමු දින සාකච්ඡාව අවසන් කර ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *