අදත් කොරෝනා ආසාදිතයෝ තිදෙනෙක් හමුවෙති

කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු  අද(1) හමු වූ බව  සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. ඒ සමඟ  මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩි වී තිබේ. මෙම ආසාදිතයෝ කුරුණෑගල, යාපනය සහ මරදාන යන  ප්‍රදේශයන්හි පුද්ගලයෝය ( දිල්රුක්ෂි ග්‍රේරු ) ලංකාදීප

ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන වෛද්‍ය සංගමය බොරු කියයි

කොරෝනා වෛරසය මැඩීමට දැඩි තීන්දු ගන්නා  ලෙසත්, ඇඳිරි නීතිය ඉවත් නොකරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකා රජයට උපදෙස් දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ප්‍රකාශ කොට ඇත. එස් වුව ද, සඳුදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්රෝස් අධනොම් ගෙබියෙසුස් ( Dr. Tedros Adhanom Ghebeyesus ) මහතා  ප්‍රකාශ කළේ…

එක දිනක වැඩිම කොරෝනා රෝගී සංඛ්‍යාව – 20ක් අද වාර්තා වෙයි

මෙතෙක් එක් දිනක වාර්තා වූ වැඩිම කොව්ඩ් 19 රෝගී සංඛ්‍යාව අද වාර්තා වීය. එලෙස අලුති රෝගීන් 20ක් වාර්තාවීමත් සමග රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 142ක් වීය. අද හදුනාගත් රෝගීන් වැඩි දෙනක්  පසුගිය දින කිහිපයේ හමු වූ රෝගීන්ට සම්බන්ද  පුද්ගලයෝ  වෙති .

අද තවත් කොරෝනා රෝගීන් 7 දෙනෙක්

කොවිඩ් 19 ආසාධිත 7 දෙනෙක් අද දිනයේ සොයාගෙන ඇත. ඒ අනුව අසාධිත්යින්ගේ සම්පුර්ණ සංඛ්‍යාව 129ක් බවට පත්විය . ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනකු අද සුවය ලබා  පිටව ගියේ ය. ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 16 කි.

ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක් – අජිත් රෝහණගේ කතාව බොරු

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින් ශ්‍රී ලංකාව තුළ ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය පවසයි.  නිවේදනයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය අවධාරණය කරන්නේ ඉතාලියේ කොරෝනා මරණවලදී පොදුවේ සමාන්‍ය පරිදි ආදාහන කටයුතු සිදුකිරීමට අවසර නොමැති…

“මෙහෙම ගියොත් අපි බඩගින්නේ මැරේවි” – ජ්‍යෙෂ්ඨ මාධ්‍යයවේදී කන්තලේ ධර්මදාස

ලෝකය පුරා පැතිර යන කොරෝනා වෛරසය දහස් ගණන් පිරිසකගේ ජීවිත බිලිගන්නා අවස්ථාවක ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරාගන්න වෛද්‍යවරුන්/වරියන්, හෙද හදියන් ඇතුළු සෞඛ්‍ය අංශයේ සියලු සේවකයන් වගේම පොලිසිය සහ ආරක්ෂක අංශ කරන කැපවීම ගැන ශ්‍රී ලාංකිකයෝ හැම දෙනාම ඔවුන්ට කෘතඥතාව පුද කරමින් සිටින මොහොතක් මේ. විශේෂයෙන්ම ප්‍රමාණවත් පහසුකම් සහ සෞඛ්‍යාරක්ෂිත උපකරණ පවා නැතිව, සමහර අවස්ථාවල එවැනි ඇඳුම්…

කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට

  ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ  සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. ඊයේ (29)  සවස වන විට ආසාදිතයින්මේ ගණන 117ක් ලෙස වාර්තා වී තිබිණි. මේ වන විට තවත් ආසාදිතයින්  තිදෙනකු වාර්තා වී තිබේ. ඒ සමඟ මුළු ආසාදිතයින් 120 දක්වා ඉහළ ගොස් ඇත. කොරෝනා  වයිරසය අසාදිත වීමෙන් එක් පුද්ගලයකු මිය ගියේය. එමෙන්ම…

වසා දැමීම හැර වෙනත් විකල්පයක් ඇමෙරිකාවට නැහැ – බිල් ගේට්ස්

ඇමෙරිකානු ආර්ථිකයට අති විශාල පසු බැස්මක් විය හැකි වුව ද , රට ම ටික කලකට වසා දැමීම හැර මේ මොහොතේ වෙනත් විකල්පයක් නැති බව ලෝකයේ දෙවන ඉහලම ධනවතා  ලෙස සැලකෙන මෛක්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් මහතා ප්‍රකාශ කළේය. නැතිවන ධනය අපට පසුව යලි උපයාගත හැකි වුව ද , නැතිවන ජීවිත යලි ලබාගත නොහැකි බව ඒ මහතා…

ඊයේ අලුත් රෝගීන් දෙදෙනයි, සමස්තය 117යි.

ඊයේ දිනයේ කොචිඩ් 19 රෝගීන් දෙදෙනකු අලුතින් හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වූ සම්පුර්ණ රෝගී සංඛ්‍යාව 117ක් බවට පත් වී ය. රෝගීන් දෙදෙනකු සුවය ලබා ඊයේ පිටව ගියේය. ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 105කි. ඔවුන් වැඩි දෙනකු සුවය ලබමින් සිටින බව අපගේ ආරංචි මාර්ග කියයි. මේ අතර කොරෝනා  රෝගීන් යයි සැක පිට රෝහල්වල රදවාගෙන සිටි 255ක්…

රෝගීන් දෙදෙනක් සුවය ලබා පිටව යති.

කොවිඩ් 19 රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලැබූ තවත් දෙදෙනකු සම්පුර්ණ සුවය ලබා අද පිටව ගිය බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ මුළු සංඛ්‍යාව 11ක් වෙයි. 

කොරෝනා සදහා ප්‍රතිඵල තහවුරු වූ ඖෂධ කිසිවක් නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොචිඩ් 19 රෝගයට ප්‍රතිකාර කළ හැකි ප්‍රතිඵල තහවුරු වූ ඖෂධ කිසිවක් දැනට නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ඖෂධ හතරක් පිළිබඳව දැනට පරීක්ෂණ පවත්වන බවත් ඒ කිසිවක් පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට ප්‍රමාණවත් පරීක්ෂණ සාක්ෂි නැති බවත් එම සංවිධානය කියයි.

කොරෝනා මර්දනය කිරීම සඳහා වන ප්‍රධාන ජාත්‍යන්තර පර්යේෂණයක්

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා වන ප්‍රධාන ජාත්‍යන්තර පර්යේෂණයක් ආරම්භ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ. එම පර්යේෂණය නෝර්වේ රාජ්‍යයේදී සිදුකෙරෙන අතර එරටදී හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් පළමුවරට යොදා ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම ජාත්‍යන්තර පර්යේෂණය “සොලිඩරිටි” ලෙස හදුන්වාදී ඇති අතර මේ වන විටත්…