ඊයේ අලුත් රෝගීන් දෙදෙනයි, සමස්තය 117යි.
ඊයේ දිනයේ කොචිඩ් 19 රෝගීන් දෙදෙනකු අලුතින් හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වූ සම්පුර්ණ රෝගී සංඛ්‍යාව 117ක් බවට පත් වී ය.
රෝගීන් දෙදෙනකු සුවය ලබා ඊයේ පිටව ගියේය. ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 105කි. ඔවුන් වැඩි දෙනකු සුවය ලබමින් සිටින බව අපගේ ආරංචි මාර්ග කියයි.
මේ අතර කොරෝනා රෝගීන් යයි සැක පිට රෝහල්වල රදවාගෙන සිටි 255ක් පමණ වූ සංඛ්‍යාව මේ වන විට සියයක් පමණ දක්වා අඩු වී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.
