වසා දැමීම හැර වෙනත් විකල්පයක් ඇමෙරිකාවට නැහැ – බිල් ගේට්ස්

ඇමෙරිකානු ආර්ථිකයට අති විශාල පසු බැස්මක් විය හැකි වුව ද , රට ම ටික කලකට වසා දැමීම හැර මේ මොහොතේ වෙනත් විකල්පයක් නැති බව ලෝකයේ දෙවන ඉහලම ධනවතා  ලෙස සැලකෙන මෛක්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් මහතා ප්‍රකාශ කළේය. නැතිවන ධනය අපට පසුව යලි උපයාගත හැකි වුව ද , නැතිවන ජීවිත යලි ලබාගත නොහැකි බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

නිව්යෝර්ක් හි කොවිඩ් රෝගීන් විශාල පිරිසක් සිටිය ද , ඇතැම් ප්‍රාරන්තවලින් තවමත් වාර්තා වී ඇත්තේ සියයකට අඩු ප්‍රමාණයක් බවට කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් බිල් ගේට්ස් මහතා කීවේ එම රෝගීන් සංඛ්‍යා වේගයෙන් වැඩි වන නිසා ඉක්මනින් වසා දමා පාලනය කළහොත් යතා තත්ත්වයට පත්වීමද ඉක්මන් විය හැකි බවයි.

එමෙන්ම රෝගය හදුනා ගැනීමේ පරීක්ෂණ පහසුකම් පුළුල් කිරීම ද, අත්‍යවශ්‍ය බව ද, ඒ මහතා පෙන්වා දුන්නේය. ආර්ථීකය අඩපන කර නොගෙන දකුණු කොරියාව කොවිඩ් මැඩ පවත්වන ලද්දේ නිසි කලට ක්‍රියාත්මක වෙමින් රෝගීන් ඉක්මනින් හදුනා ගැනීමට ක්‍රියා කිරීම මගිනි.

ලෝකයට ඇත්ත තර්ජනය ඇත්තේ න්‍යෂ්ටික යුද්ධයකින් නොව දරුණු වෛරස් වසන්ගතයකින් බවටත්, ලෝකය එයට සුදානම් නැති බවටත්, අනාවැකියක් බිල් ගේට්ස් මහතා 2015 දී කර තිබිණි . ඒ ගැන මතක් කළ විට ඒ මහතා කීවේ විශාල අර්බුදයකට මුහුණ දුන්න ද මේ ව්‍යසනයෙන් ස්ථිරවම ලෝකය ගොඩයන බවත්, යලි මෙවැන්නකට මුහුණදීම ගැන ලෝකය ඉන්පසුව බරපතල ලෙස කල්පනා කරනු ඇති බවත් ය.

බිල් ගේට්ස් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ CNN සහ වෙනත් රුපවාහිනී නාලිකා කිහිපයක වැඩ සටහන්වලට සහභාගී වෙමිනි.

පරිගණක මෘදුකාංග නිෂ්පාදනයේ පුරූගාමී සමාගමක් වන මෛක්‍රොසොෆ්ට් සමාගමෙන්  සාර්ථක ව්‍යාපාරිකයකු වූ බිල් ගේට්ස් මහතා ලෝකයේ ධනවතුන් අතර පළමුවැන්නා බවට පත්වීය. පසුව ඔහු  සමාජ සුබ සාධනය සඳහා ” බිල් හා මිලින්ඩා ගේට්ස් පදනම” පිහිටුවා තම ධනයෙන් අඩක් එයට පරිත්‍යාග කළේ ය.

මෛක්‍රොසොෆ්ට් සමාගමේ සියලු තනතුරු වලින් බිල් ගේට්ස් මහතා පසුගිය දා ඉල්ලා අස්වීය. ඒ පුර්ණ කාලීනව සමාජ සේවයේ යෙදීම සඳහා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *