ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන වෛද්‍ය සංගමය බොරු කියයි

කොරෝනා වෛරසය මැඩීමට දැඩි තීන්දු ගන්නා ලෙසත්, ඇඳිරි නීතිය ඉවත් නොකරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකා රජයට උපදෙස් දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ප්‍රකාශ කොට ඇත.
එස් වුව ද, සඳුදා පැවති ප්රවෘත්ති සාකච්ඡාවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්රෝස් අධනොම් ගෙබියෙසුස් ( Dr. Tedros Adhanom Ghebeyesus ) මහතා ප්‍රකාශ කළේ අර්බුදය කෙතරම් දරුණු වුවත්, කොවීඩ් මැඩලීමේ ක්‍රියාන්විතයේ දී , ජනතාවගේ ජීවන උපාය මෙන් ම ගෞරවය ද හැකිතාක් දුරට ආරක්ෂා කරමින් ක්‍රියා කළ යුතු බව යි.
අප්‍රිකානු රටක දිළිඳු පවුලකින් පැමිණෙන තමන්ට මේ මොහාතේ දිළිඳු ජනයාට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න ගැන හොඳ අවබෝදයක් ඇති බව කී ඒ මහතා දෛනිකව ජීවිකාව උපයන විශාල ජන කොටසක් සිටින බවත්, ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් පෙන්වා දුන්නේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඉන්දියාවේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව එරට මානවවාදී ඛේදවාචකයක් ඇති වී ඇති බවට ඉන්දියානු මාධ්‍යවේදියකු මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්රවෘත්ති සාකච්ඡාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකි ය.
