අලුත් ම තත්ත්වය ; ඊයේ රෝගීන් 63යි; මුළු ගණන 523යි.

මෙරට කොරෝනා වෛරසය වැළදුණු ආසාධිතයින් සංඛ්‍යාව 523ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.   ඊයේ (26) දිනයේදී මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනෙක් වාර්තා වී තිබේ. එක් දිනක්‌ තුලදී වාර්තා වූ වැඩිම ආසාධියින් සංඛ්‍යාව මෙය වන බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.   කොරෝනා ආසාධිත රෝගීන් 120 දෙනෙක් සුවය ලබා රෝහලෙන්…

වැලිසර නාවික කඳවුර කොවිඩ් බෝම්බයක් වෙයි; රෝගී සෙබළු 27ක් රටපුරා ගිහින්!

වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා රටපුරා  තම ගම් ප්‍රදේශවලට ගොස් නිදැල්ලේ හැසිරෙමින් සිටි නාවික භටයන් 27 දෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බව හෙළිවීමත් සමඟ රෝගය සමාජ ගත වීමේ අනතුර බරපතළ වී ඇති බව තතු දත් සෞඛ්‍ය අංශ කියයි. නිවාඩු ගිය මෙම භටයන් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමත් නගරවළ හා  ගම්වල ජනාකීර්ණ ස්ථානවලට ගොස් තිබීමත් නිසා…

අද රෝගීන් 45යි; මුළු එකතුව 505යි

අද රාත්‍රී 10.00 වනවිට අලුත් රෝගීන් 45ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඒ අනුව රටේ මුළු කොවිඩ් 19 රෝගී සංඛ්‍යාව 505ක් දක්වා ඉහල ගොස් ඇත.

හෙටත් රටපුරා ඇඳිරි නීතිය

හෙට දිනයේ ද රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට ඇත. ඒ අනුව දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ඉවත්කිරීම කලින් දැනුම් දුන් පරිදි හෙට සිදු නොවේ. එම ඇඳිරි නීතිය ඉවත් කිරීම අනිද්දා සිට ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කොට ඇත. කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය ලබන මැයි 4 දා දක්වා නොකඩවා ක්‍රියාත්මක කොට ඇත.

කොරෝනා රෝගීන් 17ක් අද හඳුනා ගනියි; එකතුව 477ක් වෙයි

කොවිඩ් 19 අසාදිතයින් 17 දෙනෙකු අද දවස තුළ හඳුනාගෙන ඇත . ඒ අනුව මෙරටින් හමු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 477ක් දක්වා ඉහල ගොස් තිබේ.

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගුයි

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි හා සෙසු නිලයින්ගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කර ඇත. ඒ අනුව දැනට නිවාඩු මත සිටින නීලධාරි හා සෙසු නිලයින් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කල යුතුයි. එලෙස නිවාඩු මත සිටින නිලධාරි හා සෙසු නිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ…

සීදුව විශේෂ කාර්ය බලකා කඳවුරත් වසයි

හමුදා භටයකු කොවිඩ් 19 ආසදතයකු බව තහවුරුවීමෙන් පසුව සීදුව විශේෂ බලකා කඳවුර ද වසා දමා ඇති බව වාර්තා වෙයි. එම කඳවුරේ සිටි සෙබළු නිරෝධායනය සඳහා යොමු කොට ඇත.

වැලිසර නාවික කඳවුරෙන් කොරෝනා පැතිරීම ගැන ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න

රටපුරා කොරෝනා මර්දන වැඩ පිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වී තිබිය දී වැලිසර නාවුක කඳවුරේ නිලධාරීන්ගේ අපරීක්ෂාකාරී ක්‍රියාවක්  හේතුවෙන් රට ම යලිත් අනතුරුදායක තත්ත්වයට පත් වූ බවට ආණ්ඩුව ඇතුලෙන් ම චෝදනා එල්ල වී ඇති බව වාර්තා වෙයි . මෙම කඳවුරේ නාවික භටයින් අනතුරුදායක රාජකාරියක නියලීමෙන් පසුව ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වීමේ හැකියාව ගැන කිසිදු තැකීමක් නොකිරීමත් ,…

පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සම්

පාර්ලිමේන්තු මහ මැතිවරණය කල් දමා  ඇති බැවින් රටේ මුදල් පාලනය හා පරිපාලනය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පැවති පාර්ලිමේන්තුව යලි කැඳවීමට නියම කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ටාධිකරණය වෙත පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ ගණනාවක් හා සිවිල් සංවිධාන කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. තමන් මේ සම්බන්ධයෙන් ශ්‍රෂ්ටාධිකරණය වෙත යන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක…

ඊයේ රෑ තව රෝගීන් 8ක් ; දවසට 40යි ;එකතුව 460යි

කොවිඩ් 19 ආසාදිත රෝගීන් 8ක් ඊයේ රාත්‍රියේ වාර්තාවීමත් සමඟ ඊයේ දිනයට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 40 දක්වා ඉහල ගියේ ය. ඒ අනුව රට තුලින් සොයාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 460 දක්වා ඉහල ගියේ ය.

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 452 දක්වා ඉහළට

අද රාත්‍රී 10.00 වනවිට කොරෝනා ආසාදිත සංඛ්‍යාව  452 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 32කි.

අද අලුත් රෝගීන් 20යි; එකතුව 440යි

අලුතින් කොව්ඩ් 19 අසාදිත රෝගීන් 20 ක් අද දින හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරටින් සොයාගත් රෝගීන් සංඛ්‍යාව 440ක් දක්වා ඉහල ගොස් ඇත. මෙලෙස කොවිඩ් රෝගීන් විශාල ලෙස වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ භටයන් අතර හා ඔවුන් මගින් රෝගය ව්‍යාප්ත වීමයි.