පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සම්

පාර්ලිමේන්තු මහ මැතිවරණය කල් දමා  ඇති බැවින් රටේ මුදල් පාලනය හා පරිපාලනය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පැවති පාර්ලිමේන්තුව යලි කැඳවීමට නියම කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ටාධිකරණය වෙත පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ ගණනාවක් හා සිවිල් සංවිධාන කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

තමන් මේ සම්බන්ධයෙන් ශ්‍රෂ්ටාධිකරණය වෙත යන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා දැනටමත් ප්‍රකාශ කොට ඇත. දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ද වෙන වෙන ම පෙත්සම් ඉදිරිපත් කිරීමට යන බව ද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් තමන් වෙන ම පෙත්සමක් ඉදිරිපත් කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු  මහතා “යුක්තිය” ට ප්‍රකාශ කළේ ය.

මෙබඳු අර්බුදයක් ඇතිවීමට පෙර ශ්‍රේෂ්ටාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කළේ ය. එයට හේතුව ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව රජයට අවාසිදායක විය හැකි යයි ජනාධිපතිතුමාට නීති උපදෙස් ලැබී තිබීම බව අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *