වැලිසර නාවික කඳවුරෙන් කොරෝනා පැතිරීම ගැන ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න

රටපුරා කොරෝනා මර්දන වැඩ පිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වී තිබිය දී වැලිසර නාවුක කඳවුරේ නිලධාරීන්ගේ අපරීක්ෂාකාරී ක්‍රියාවක් හේතුවෙන් රට ම යලිත් අනතුරුදායක තත්ත්වයට පත් වූ බවට ආණ්ඩුව ඇතුලෙන් ම චෝදනා එල්ල වී ඇති බව වාර්තා වෙයි .
මෙම කඳවුරේ නාවික භටයින් අනතුරුදායක රාජකාරියක නියලීමෙන් පසුව ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වීමේ හැකියාව ගැන කිසිදු තැකීමක් නොකිරීමත් , රාජකාරියෙන් පසු ව එම පිරිස වෙන්කොට නිරෝධායනය කිරීමට හෝ කටයුතු නොකිරීමත් නිසා කඳවුරේ විශාල පිරිසකට රෝගය වැලදී ඔවුන් මගින් රටේ නගර ගණනාවකට රෝගය ව්‍යාප්ත වීමත් සිදු වූ බවට චෝදනා එල්ල වී ඇත.
කොවිඩ් 19 රෝග ආසාදිතයන් ඇසුරු කළ සියලු දෙනා සොයමින් නිරෝධායනයට යොමු කිරීමට යොදවා තිබෙන ආරක්ෂක හමුදා අතරම මෙබඳු නොතකා හැරීම් සිදුවීම ගැන බොහෝ දෙනා විමතිය පලකොට ඇත.
වැලිසර නාවික කඳවුරේ සේවය කළ භටයන් 70 කට පමණ රෝගය වැලදී ඇති බව තහවුරු වී ඇති අතර නිවාඩු ලබා ගිය භට පිරිස් මගින් රෝගය පොලොන්නරුව , කුරුනෑගල , අම්පාර ,රත්නපුර ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැතිරී ඇත.
හදිසි නීතිය ලිහිල් කිරීමට මෙන් ම ඉක්මන් මැතිවරයකට මුහුණ දීමේ ආණ්ඩුවේ සැලැස්මට ද මෙමගින් මරු පහරක් එල්ලවීම නිසා ආණ්ඩු පක්ෂයේ නායකයින් ද කුපිත වී සිටින බව කියති.
මෙයින් ආණ්ඩුවේ කීර්තියට ද බලවත් ලෙස හානි සිදු වී ඇති බව ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙන ගේ අදහස වී තිබේ.
