වැලිසර නාවික කඳවුර කොවිඩ් බෝම්බයක් වෙයි; රෝගී සෙබළු 27ක් රටපුරා ගිහින්!

වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා රටපුරා තම ගම් ප්‍රදේශවලට ගොස් නිදැල්ලේ හැසිරෙමින් සිටි නාවික භටයන් 27 දෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බව හෙළිවීමත් සමඟ රෝගය සමාජ ගත වීමේ අනතුර බරපතළ වී ඇති බව තතු දත් සෞඛ්‍ය අංශ කියයි.
නිවාඩු ගිය මෙම භටයන් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමත් නගරවළ හා ගම්වල ජනාකීර්ණ ස්ථානවලට ගොස් තිබීමත් නිසා තව විශාල පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි සැක පහල වී තිබේ . මොවුන්ගේ පවුල්වලින් හා ඥාති මිත්‍රාදීන් අතරින් ද කොවිඩ් ආසාදිතයන් ගණනාවක් මේ වන විට හඳුනාගෙන ඇති බව කියති .
වැලිසර නාවික හමුදා කඳවුරේ භටයන් 95 දෙනකුට රෝගය වැලදී ඇති බව කොරෝනා මර්ධන කාර්ය සාධන බලකායේ ප්‍රධානී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනමාධ්‍යයට හෙළිදරවු කළේ ය. ඉන් 68ක් කඳවුරේ රැදී සිටි සෙබළුන් වන අතර 27ක් නිවාඩු ලබා නිවෙස් බලා ගොස් සිටි පිරිස අතරින් වෙයි.
මෙම කාලය තුළ මොවුන් ඇසුරු කළ සියලු දෙනා සෙවීමට මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇති බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි . කෙසේ වෙතත් එය සම්පුර්ණයෙන් සාර්ථක කර ගැනීම ඉතා දුෂ්කාර බව අපගේ ආරංචි මාර්ග කියයි.
නිවාඩු ගොස් සිටින හමුදා භටයන් මගින් ද රෝගය ව්‍යාප්ත වී ඇතැයි දැන් සැක පහල වේ ඇත . ඒ අනුව ආණ්ඩුව සියලු හමුදා භටයන්ගේ නිවාඩු අවලංගු කොට සියලු දෙනාට වහාම කඳවුරු වෙත වාර්තා කරන ලෙස නියෝග කොට තිබේ.
එම කටයුතු ඉක්මන් කිරීම සඳහා හෙට දිනයේ ද රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට ඇත.
