නිර්පාක්ෂිකව සිට දේශපාලනයෙන් සමුගන්න රෝසි සේනානායක තීරණය කරයි

ඉදිරි මහ මැතිවරණයේ දී එජාපයට හෝ සජිත් පිල ට සහයෝගය නො දී නිර්පාක්ශිකව සිටීමට තමන් තීරණය කළ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කරයි . තම පුත්‍රයා සජිත් පිලෙන් තරග කළ ද ඔහුට ද සහය නොදෙන බව ඇය ප්‍රකාශ කොට ඇත. එමෙන් ම මෙම ධුර කාලය සඳහා පමණක් කොළඹ නගරාධිපතිනිය ලෙස කටයුතු කොට දේශපාලනයෙන්…

නඩුව පරදින බව දන්නවා.. පරදින නඩු අපි නොදැම්මේ ඒකයි..- පුතානෝගේ කැපෑසිටිය රනිල් පෙන්වයි..

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළේ තම පක්ෂය එම කරුණ සම්බන්ධයෙන් වෙනත් මතයක සිටි නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයට අමතරව ජනතා…

අලි ටෙලිෆෝන් ගැටුම දුරදිග යයි – හරීන්ට, වඩිවේල් සුරේෂ්ට අධිකරණයෙන් තහනම් නියෝගයක්

හරීන් ප්‍රනාන්දු මහතාට සහ වඩිවේල් සුරේෂ් මහතාට ජාතික වතු කම්කරු සංගමය සතු මුදල් සහ වත්කම් පරිහරණය වලක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ජාතික වතු කම්කරු සංගමයේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් සිදුකළ ඇති පැමිණිල්ලකට අනුවයි. ලංකා ජාතික වතු කම්කරු සංගමය, එක්සත්…

සුරක්ෂිත රටක් හා නීතිගරුක සමාජයක් ගොඩනැගීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් – පූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමි ඇතුළු සාමාජිකයින් 11 ක්

සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කර තිබේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීමට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ(02) රාත්‍රීයේ නිකුත් කර තිබුණි. ආරක්ෂක ලේකම්වරයාට අමතරව ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා,…

තවත් ආසාදිතයින් 27 ක්-සමස්තය 1683 ක් දක්වා ඉහළට

ඊයේ(02) රාත්‍රී 11.50 වන විට තවත් ‍ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ හමු වූ සමස්ත ආසාදිතයන් සඛ්‍යාව  40 ක් ලෙස වාර්තා වෙයි . ඊයේ දිනය වන විට පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. මේ…

කොළඹ-දෙහිවල ගල්කිස්ස මොරටුව-හෝමාගම පළාත් පාලන ආයතන සහාය රනිල් ප්‍රමුඛ එජාපයට – මන්ත්‍රීවරු යෝජනා සම්මත කරති

ඉදිරි මහ මැතිවරණයේ දී කොළඹ සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවල ද, මොරටුව නගර සභාව සහ හෝමාගම ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට හිමි වේ. ඉදිරි මහ මැතිවරණයේ දී එම පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයට ලබා දීමට ඉදිරිපත් වූ…

කොරෝනා අසාදිතයින් ගණන 1649 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1649 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව අද දිනය තුළදී වාර්තා වූ ආසාදිතයන් ගණන 6කි. එසේම, ප්‍රතිකාර ලැබූ 12දෙනෙක් රෝහල්වලින් පිටවගියහ.

මහ මැතිවරණය අගෝස්තු 8 දා ?

පර්ලිමේන්තු මහා මැතිවරණය ලබන අගෝස්තු 8 වන දා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව තතුදත් දේශපාලන අංශ ප්‍රකාශ කරයි. මැතිවරණ දිනය නියම කිරීම ගැන ශ්‍රේෂ්ටාධිකරණයේ පෙත්සම් විභාගය අවසන් ව තිබීමත් , නීතිමය බාධක ඉවත්වී දින 60 ක් 70ක් අතර මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කොට තිබීමත් නිසා මැතිවරණය පැවැත්විය හැකි ලඟම දිනය අගෝස්තු…

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය. මෙම පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට…

කොළඹ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක ඉවතට !

කොළඹ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක මහත්මිය ඉවත් කිරීමට එක්සත් ජාතික  පක්ෂය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක දී මෙම තීරණය ගෙන ඇත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති කොළඹ නගර සභා එජාප මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක දී මෙම තීරණය ගෙන ඇත. කොළඹ නගර…

පුද්ගලික වාහනයක සිටින විට මුව ආවරණ අවශ්‍ය නෑ – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

යම් පුද්ගලයෙකු පෞද්ගලික වාහනයක් පදවන විට මුව ආවරණයක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පොලිසිය පැහැදිලි කරයි.   කොරොන වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රිය පැදවීමේදී බොහෝ වාහන රියදුරන් මුව ආවරණ පැළඳ සිටිනු දැක තිබේ.   කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පාලිහවඩන මහත්මිය කියා සිටියේ මහජනයාට ඔවුන්ගේ පෞද්ගලික වාහනවල…

සරත් ෆොන්සේකාගේ ප්‍රබල ආධාරකාර හිමි නමකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් !

2010 ජනාධිපතිවරණයේදී එහි අපේක්ෂකයකු වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රබල ආධාරකරුවකු ලෙස කටයුතු කළ මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කරන ලදී.  ටී – 56 ගිනිඅවි දෙකක් ළඟ තබාගත් බවට උන්වහන්සේට ගොනුකර තිබුණු චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව පවසමින්…