නිර්පාක්ෂිකව සිට දේශපාලනයෙන් සමුගන්න රෝසි සේනානායක තීරණය කරයි

ඉදිරි මහ මැතිවරණයේ දී එජාපයට හෝ සජිත් පිල ට සහයෝගය නො දී නිර්පාක්ශිකව සිටීමට තමන් තීරණය කළ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කරයි .
තම පුත්‍රයා සජිත් පිලෙන් තරග කළ ද ඔහුට ද සහය නොදෙන බව ඇය ප්‍රකාශ කොට ඇත.
එමෙන් ම මෙම ධුර කාලය සඳහා පමණක් කොළඹ නගරාධිපතිනිය ලෙස කටයුතු කොට දේශපාලනයෙන් විශ්‍රාම යාමට තමන් බලාපොරොත්තු වන බව ද සේනානායක මහත්මිය වැඩිදුරටත් කියයි.
එක්සත් ජාතික පක්ෂයේ විනය කඩකොට නැති තමා පක්ෂයෙන් ඉවත්කිරීමට කිසිවකුට හැකියාවක් නැති බව ද අය වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.
කොළඹ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක මහත්මිය ඉවත්කිරීමට යන බවට පල වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කොට ඇත.
