අලි ටෙලිෆෝන් ගැටුම දුරදිග යයි – හරීන්ට, වඩිවේල් සුරේෂ්ට අධිකරණයෙන් තහනම් නියෝගයක්

හරීන් ප්‍රනාන්දු මහතාට සහ වඩිවේල් සුරේෂ් මහතාට ජාතික වතු කම්කරු සංගමය සතු මුදල් සහ වත්කම් පරිහරණය වලක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ජාතික වතු කම්කරු සංගමයේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් සිදුකළ ඇති පැමිණිල්ලකට අනුවයි.

ලංකා ජාතික වතු කම්කරු සංගමය, එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වතුකරයේ ක්‍රියාත්මක වෘත්තීය සමිතියයි. එහි සභාපතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර වඩිවේල් සුරේෂ් මහතා ලේකම් තනතුර දරයි.

ඔවුන් දෙදෙනාම මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය සමග එක්ව සිටී.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *