කොළඹ-දෙහිවල ගල්කිස්ස මොරටුව-හෝමාගම පළාත් පාලන ආයතන සහාය රනිල් ප්රමුඛ එජාපයට – මන්ත්‍රීවරු යෝජනා සම්මත කරති

ඉදිරි මහ මැතිවරණයේ දී කොළඹ සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවල ද, මොරටුව නගර සභාව සහ හෝමාගම ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට හිමි වේ.
ඉදිරි මහ මැතිවරණයේ දී එම පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයට ලබා දීමට ඉදිරිපත් වූ යෝජනා එම සභාවල මන්ත්‍රීවරුන්ගේ රැස්වීම්වල දී සම්මත වී තිබේ.
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 58දෙනකු රැස් වී සම්මත කර ගැනිණි.
කොළඹ මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ( 1 ) පෙරවරුවේදී සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී මෙම යෝජනාව සම්මත කර ගන්නා ලදී . මේ රැස්වීමට නගරසභා මැතිවරණයට අලියා ලකුණින් තරගකර තේරී පත් වූ මන්ත්‍රීවරුන් 60දෙනාගෙන් 58 දෙනකුම සහභාගී වී සිටියහ .
දෙහිවල – ගල්කිස්ස මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන නාගරික මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුව සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක සහ දයා ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම රැස්වීමට දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 19 දෙනාගෙන් 18දෙනකු සහභාගී විය. නාගරික මන්ත්‍රීනි ලක්ෂ්මී ප්‍රනාන්දු මහත්මිය අසනීප තත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බැවින් මෙම රැස්වීමට සහභ්ගීවිය නොහැකිබව දන්වා තිබුණි .
රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් සියලුදෙනා ඒකමතිකව ප්‍රකාශ කර සිටියේ තමන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ අරමුණුවලට එකඟව කටයුතු කරන බවත්, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට පිටුපායමින් පිහිටුවාගත් සමඟි ජන බලවේගය පක්ෂයට හෝ එහි කිසිදු අපේක්ෂකයකුට ගෘජුව හෝ වක්‍රව කිසිදු සහයෝගයක් ලබාදීමට කටයුතු නොකරන බවත්ය .
තමන් සියලුමදෙනා සෑම විටම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ අරමුණු ආරක්ෂාකරමින් පක්ෂය එළබෙන 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් සහයෝගය ලබාදෙන බවට අවධාරණය කරමින් ලිඛිත ප්රකාෂනයකට ද අස්සන් තැබිණි.
මේ ආකාරයෙන් ම මොරටුව මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන්ගේ හමුවක් ද සිරිකොත පක්ෂ මුලස්තානයේ දී පැවැති අතර, එජාප නාගරික මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් 15 දෙනකුම මේ සඳහා සහබාගීවී සිටියහ . මේ සියලු දෙනාම ඒකමතිකව සපත කර සිටියේ තමන් සෑම විටම එක්සත් ජාතික පක්ෂය ආරක්ෂාකිරීමට කටයුතු කරන බවත් පක්ෂය ගන්නා තීන්දු තීරණවලට අනුගතවෙමින් කටයුතු කරන බවයි .
මෙම රැස්වීම් සඳහා හිටපු අමාත්‍යවරුන්වන රවී කරුණානායක, දයා ගමගේ, කොළබ දිස්ත්‍රික්ක කළමනාකරු ලසන්ත ගුනවර්ධන, මහමැතිවරණ අපේක්ෂක සුනේත්‍රා රණසිංහ, රුවන් ලියනගුනවර්ධන, බිනර ජයවර්ධන, ක්‍රිෂ්මාල් වර්ණසුරිය ඇතුළු පිරිසක් සහභාගී වූහ
