තවත් ආසාදිතයින් 27 ක්-සමස්තය 1683 ක් දක්වා ඉහළට

ඊයේ(02) රාත්‍රී 11.50 වන විට තවත් ‍ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ හමු වූ සමස්ත ආසාදිතයන් සඛ්‍යාව  40 ක් ලෙස වාර්තා වෙයි .

ඊයේ දිනය වන විට පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අනුව පුද්ගලයෝ  849 ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබති .

මෙරට ‍කොරෝනා මරණ 11 ක් මේ වන විට සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *