මහ මැතිවරණය අගෝස්තු 8 දා ?

පර්ලිමේන්තු මහා මැතිවරණය ලබන අගෝස්තු 8 වන දා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව තතුදත් දේශපාලන අංශ ප්‍රකාශ කරයි.
මැතිවරණ දිනය නියම කිරීම ගැන ශ්‍රේෂ්ටාධිකරණයේ පෙත්සම් විභාගය අවසන් ව තිබීමත් , නීතිමය බාධක ඉවත්වී දින 60 ක් 70ක් අතර මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කොට තිබීමත් නිසා මැතිවරණය පැවැත්විය හැකි ලඟම දිනය අගෝස්තු 8 බව බොහෝ දෙනාගේ ගණන් බැලීම වී තිබේ.
මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට ආණ්ඩුවේ විශාල වුවමනාවක් දක්නට ලැබීම නිසා එය තවදුරටත් ප්‍රමාද නොකරනු ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි .
සෞඛ්‍ය සේවා අංශ මහ මැතිවරණය පැවැත්වීම ගැන ලබා දී තිබෙන මාර්ගෝපදේශ හෙට දිනයේ මැතිවරණ කොමිසමේ සාකච්ඡාවට ගැනීමට නියමිත බව ද දැනගන්නට ඇත.
