සරත් ෆොන්සේකාගේ ප්‍රබල ආධාරකාර හිමි නමකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් !
2010 ජනාධිපතිවරණයේදී එහි අපේක්ෂකයකු වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රබල ආධාරකරුවකු ලෙස කටයුතු කළ මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කරන ලදී.
ටී – 56 ගිනිඅවි දෙකක් ළඟ තබාගත් බවට උන්වහන්සේට ගොනුකර තිබුණු චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව පවසමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් මෙම දඬුවම නියම කෙරිණි.

මීට අමතරව අත් බෝම්බ 50ක් සහ ජීව උණ්ඩ 210ක් ළඟ තබාගත් බවට උන්වහන්සේට එරෙහිව එල්ල කර තිබුණු චෝදනාවලින් උන්වහන්සේව නිදොස්කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා නියම කර තිබිණි.
නඩුවේ දෙවැනි විත්තිකරු වූ මාවෙලතැන්නේ සුමේධ හිමියන් සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා නියම කළේය.
2010 ජනාධිපතිවරණය හමුවේ පැවති තීරණාත්මක තත්වය තුළ රාජපක්ෂ රජයට අභියෝග කිරීමට බියෙන් බොහෝ චරිත කර අරිද්දී ඌවතැන්නේ සුමන හිමි නොබියව සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල දේශපාලන ආධාරකරුවකු විය. අද දිනයේදී උන්වහන්සේට දඬුවම් නියම කෙරුණේ වසර ගණනාවක් තිස්සේ ඇදුණු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය.
LANKANEWSWEB
