කොළඹ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක ඉවතට !

කොළඹ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක මහත්මිය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට ඇති බව වාර්තා වෙයි.
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක දී මෙම තීරණය ගෙන ඇත.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති කොළඹ නගර සභා එජාප මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක දී මෙම තීරණය ගෙන ඇත. කොළඹ නගර සභාවේ එජාප මන්ත්‍රීවරුන් 60 කාගෙන් 58ක් මෙම රැස්වීමට සහභාගී වී සිටිබව වාර්තා වෙයි. නගරාධිපති ධුරයෙන් රෝසි ඉවත්කිරීමේ තීරණයට මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ එකගත්වය හිමි වී තිබේ.
රෝසි සේනානායක මහත්මිය මෑතක සිට එජාපයට එරෙහිව කටයුතු කරමින් සිටීම නිසා මෙම තීරණය ගත් බව කියති.
