අපේ ආණ්ඩුව වැටෙන්නේ මෝඩකම නිසා යි – පොපෙ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

    මේ ආණ්ඩුව වැටෙන්නේ මෝඩකම නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මහනුවර රාජධානිය වැටුනේ බෙබදුකම නිසා බවට කතාවක් ඇති බව කී ඒ මහතා එහි සත්‍යතාවය ගැන කිව නොහැකි වුවත්, මෙම රජය වැටෙන්නේ මෝඩකම නිසා බව කිව හැකි බව පැවසීය. එයට උද්ධච්චකම ද සම්බන්ධ නමුත්…

ආණ්ඩුව භාරගන්නැයි ස්වාධින කණ්ඩායම සජිත්ට කියයි

විශ්වාස භංගය ජයගත් පසු ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ. සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණයෙන් පසු ආණ්ඩු කිරීම ගැන ඉක්මන් තීරණයක් අවශ්‍ය බව එම කණ්ඩායම කියයි. ඒ සඳහා ඔවුන් විකල්ප දෙකක් සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කොට ඇත. පළමු විකල්පය…

විපක්ෂ නායක රට බාර ගන්නවා නම් විශ්වාසභංගයට සහය දෙනවා – පො පෙ මන්ත්‍රී චාමර සම්පත් දසනායක

    විපක්ෂ නායකවරයා රට බාර ගන්නවා  නම් විශ්වාසභංගයට අත් දෙකම උස්සා සහයෝගය ලබාදෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා(පොපෙ) පාර්ලිමේන්තුවේ දී  අද (5) පැවසීය. පියාණන්ට කශේරුකාවක් තිබුණා වගේ පුතාණන්ටත් කශේරුකාවක් තිබිය යුතු බව කී චාමර සම්පත් මහතා  ගාමිණීලාට ලලිත්ලාට බය නැතුව රට පාලනය කළේ පියාණන්ට කශේරුකාවක් තිබුණ නිසා බවද  කීය. ඒ නිසා…

මෙහෙම ගියොත් පාර්ලිමේන්තු බලය නැති වේවි – රනිල්

  මේ සතියේදීත් ජනතා ප්‍රශ්න වලට ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි වුයේ යැයිද  ඊළඟ පාර්ලිමේන්තු සතියේදීත් මෙලෙසම වුනොත්  පාර්ලිමේන්තුවේ තිබෙන ගෞරවය මෙන්ම බලයත් නැති වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. අඩු ගණනේ පක්ෂ නායකයන් කැඳවා  සාකච්ඡා කර ප්‍රශ්න විසඳීමට පළමු පියවරවත් ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය. නියෝජ්‍ය කථානායක…

පොහොට්ටුවට බහුතරය නැති බව නි. කතානායක ඡන්දයෙන් පැහැදිලි වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පැවති ඡන්ද විමසීමෙන් තහවුරු වී තිබේ. එහි දී පොදුජන පෙරමුණේ සහය ලැබූ රන්ජිත් සියඹලාපිටිය මහතාට ඡන්ද 148 ක් හිමි වූ අතර විපක්ෂයේ අපේක්ෂක ඉමිටියාස් බකීර් මාකර් මහතාට ඡන්ද 65 ක් හිමි වීය. සියඹලාපිටිය මහතාට හිමිවූ ඡන්ද 148 න් ස්වාධින වී සිටින පක්ෂවල ඡන්ද…

නියෝජ්‍ය කතානායක ඡන්දය පොහොට්ටුව මගහරී

  අද පාර්ලිමේන්තුවේ දී ආරම්භ වූ නියෝජ්‍ය කතානායක වරයකු තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමක් යෝජනා නොකොට ඡන්දයට තරග  කිරීම මඟ හැරියේ ය. ඡන්දයකින් ආණ්ඩුව පැරදවීමට විපක්ෂය මෙම අවස්ථාව යොදා ගැනීමට කළ සැලසුම නිසා පරාජය මග හැරීමට එම පක්ෂය පියවර ගත්  බව පෙනෙන්නට තිබිණී. නියෝජ්‍ය කතානායක තනතුරට හිටපු නියෝජ්‍ය…

‘ජනපති අගමැති ඉවත් වුණොත් එකඟතාවයකට සුදානම්‘ – අනුර කුමාර දිසානායක

  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වුවහොත් ප්‍රශ්න විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ටික කලකට යම් එකඟතාවයකට පැමිණීමට සූදානම් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (4)පැවසීය. .රට විනාශ කළ අර්බුදයේ උරුමකරුවන් මුලසුනේ තබාගෙන හදන සර්ව පාක්ෂික ආණ්ඩුවලට සූදානම් නැතැයි ද අනුර දිසානායක මහතා වැඩිදුරටත් කීය. වර්තමානයේ  පැමිණ ඇත්තේ වෙස්වලා ගත් ආශිර්වාදයක් බව මුදල් ඇමැති පැවැසූ…

සජබ විශ්වාස භංග දෙකට ස්වාධින මන්ත්‍රී සහය නෑ !

සමගි ජන බලවේගය ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාවලට තම සහය ලබා නොදෙන බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ පක්ෂ 11 සහ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කරන බව වාර්තා වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කොට ඇත්තේ තම කණ්ඩායමේ කිසිදු පක්ෂයක් විශ්වාස භංගවලට සහය නොදෙනු ඇති බවයි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් පක්ෂ නමුත්,…

අගමැති මහින්ද අද ඉල්ලා අස් වන්නේ නැහැ – අගමැති සම්බන්ධිකරණ ලේකම් සහ මාධ්‍ය ලේකම් කියයි

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දින තනතුරින් ඉල්ලා අස්වන්නේ හෝ ඉවත්වන්නේ හෝ නැති බව අගමැති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට සහ සම්බන්ධිකරණ ලේකම් ජී කාසිලිංගම් යන දෙදෙනා ම පැවසු බව ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කොට ඇත. ඔවුන් කියා ඇත්තේ, වර්තමාන තත්ත්වය පිළිබඳව අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරන නමුත් ඉල්ලා අස්වීමක් සිදු නොවනු ඇති…

මහින්ද ගියාට මදි ; ගොටාභයත් යා යුතුයි – අන්තර් පාලනයට සජබයෙන් කොන්දේසි

  යෝජිත අන්තර් වාර පාලනයට සහය දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පමණක් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නැති බවත්, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ද ඉවත්විය යුතු බවත්, සමගි ජන බලවේගය, ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින්ට අද දැනුම් දුන් බව වාර්තා වෙයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (4 දා ) ඉල්ලා අස්වනු ඇති බවත්, ඉන්පසු ගොඩනගන අන්තර් වාර පාලනයට…

ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු ! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා වත්මන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවල නිරත ක්‍රියාකාරීන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හා බියවැද්දීමට පොලිසිය ක්‍රියා කළ අවස්ථා දෙකක් පිළිබඳව අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අදහස් පළ කිරීමේ නිදහසට එරෙහි අනීතික ක්‍රියාකාරකම්වලින් වළකින ලෙස පොලිස්පතිවරයාටත් රජයටත් දැඩිව අවධාරණය කරයි. ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ ජන විරෝධතාව මෙහෙයවමින් සිටින ජාතික සමාජ සංවර්ධන පදනමේ…

පොහොට්ටුව දෙකඩ වෙයි ; පිරිසක් නව පක්ෂයක් හදයි !

  බැසිල් රාජපක්ෂ මහතාගේ බලයට යට වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී නව පක්ෂයක් ලෙස ඉදිරි දේශපාලන කටයුතුවල නියැලීමට පක්ෂයේ ප්‍රබල පිරිසක් තීරණය කොට ඇති බව වාර්තා වෙයි. ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සහ තවමත් ඉවත් වී නැති විශාල පිරිසක් ද නව පක්ෂයට සම්බන්ධ වනු ඇතැයි කියති. තවමත්, ආණ්ඩුව සමග සිටින…