අගමැති මහින්ද අද ඉල්ලා අස් වන්නේ නැහැ – අගමැති සම්බන්ධිකරණ ලේකම් සහ මාධ්‍ය ලේකම් කියයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දින තනතුරින් ඉල්ලා අස්වන්නේ හෝ ඉවත්වන්නේ හෝ නැති බව අගමැති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට සහ සම්බන්ධිකරණ ලේකම් ජී කාසිලිංගම් යන දෙදෙනා ම පැවසු බව ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කොට ඇත.
ඔවුන් කියා ඇත්තේ, වර්තමාන තත්ත්වය පිළිබඳව අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරන නමුත් ඉල්ලා අස්වීමක් සිදු නොවනු ඇති බවයි.
අගමැතිතුමා අද ඉල්ලා අස් වන බවට වන ප්‍රචාර සත්‍යයෙන් තොර බව ඔවුහු කියති.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද ඉල්ලා අස්වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තමන්ට දැනුම් දුන් බව ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයෝ කියති.
බැසිල් රාජපක්ෂ මහතා ද එම වාර්තා ප්‍රතික්ෂේප කොට නැත.
