මහින්ද ගියාට මදි ; ගොටාභයත් යා යුතුයි – අන්තර් පාලනයට සජබයෙන් කොන්දේසි

 

යෝජිත අන්තර් වාර පාලනයට සහය දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පමණක් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නැති බවත්, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ද ඉවත්විය යුතු බවත්, සමගි ජන බලවේගය, ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින්ට අද දැනුම් දුන් බව වාර්තා වෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (4 දා ) ඉල්ලා අස්වනු ඇති බවත්, ඉන්පසු ගොඩනගන අන්තර් වාර පාලනයට සම්බන්ධ වන ලෙසත්, ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් අද කළ ඉල්ලීමට පිළිතුරු ලෙස සමගි ජන බලවේගයේ නියෝජිත පිරිස මෙම දැනුම් දීම සිදුකොට ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනා සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව ද දෙපාර්ශවය අතර සාකච්ඡා වී තිබේ.

මෙම සාකච්ඡාවට ස්වාධින කණ්ඩායම වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් , දයාසිරි ජයසේකර, නිමල් ලන්සා යන මහත්වරුන් සහභාගී වූ අතර සමගි ජන බලවේගය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සමග දොස්තර රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක මහත්වරු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *