සජබ විශ්වාස භංග දෙකට ස්වාධින මන්ත්‍රී සහය නෑ !

සමගි ජන බලවේගය ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාවලට තම සහය ලබා නොදෙන බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ පක්ෂ 11 සහ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කරන බව වාර්තා වෙයි.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කොට ඇත්තේ තම කණ්ඩායමේ කිසිදු පක්ෂයක් විශ්වාස භංගවලට සහය නොදෙනු ඇති බවයි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් පක්ෂ නමුත්, ජනාධිපතිට එරෙහි විශ්වාස භංගය තේරුමක් නැති වැඩක් බවයි.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියන්නේ විශ්වාස භංගයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය එකඟ නොවන්නේ නම් විශ්වාස භංග යෝජනාව තේරුමක් නැති ක්‍රියාවක් බවයි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අන්තර් වාර ආණ්ඩුවකට එකඟ නොවී විශ්වාස භංග යෝජනා ගෙනෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත විපක්ෂ බලවේග භේද කිරීමට බවට ද චෝදනා එල්ල වෙමින් පවතියි.
සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කොට ඇති නමුත් ආණ්ඩුව පෙරළා තාවකාලික අන්තර් පාලනයක් පිහිටුවීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකඟ නැත.
කෙසේ වෙතත්, එම පක්ෂයේ බහුතර කණ්ඩායමක් අන්තර් වාර පාලනයකට සහය පළකොට ඇති බව ද දැනගන්නට ඇත.
