ආණ්ඩුව භාරගන්නැයි ස්වාධින කණ්ඩායම සජිත්ට කියයි

විශ්වාස භංගය ජයගත් පසු ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණයෙන් පසු ආණ්ඩු කිරීම ගැන ඉක්මන් තීරණයක් අවශ්‍ය බව එම කණ්ඩායම කියයි.
ඒ සඳහා ඔවුන් විකල්ප දෙකක් සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කොට ඇත.
පළමු විකල්පය විශ්වාස භංගය ජය ගැනීමෙන් පසු සර්ව පාක්ෂික අන්තර් වාර පාලනයකට සමගි ජන බලවේගය ද සහභාගී වීමයි.
දෙවැන්න විශ්වාස භංගය ඉදිරිපත් කළ සමගි ජන බලවේගය ආණ්ඩුව භාර ගැනීම යි.
මේ පිලිබඳ ඉක්මන් තීරණයක් ලබාදෙන ලෙස එම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියි.
