විපක්ෂ නායක රට බාර ගන්නවා නම් විශ්වාසභංගයට සහය දෙනවා – පො පෙ මන්ත්‍රී චාමර සම්පත් දසනායක


 

 

විපක්ෂ නායකවරයා රට බාර ගන්නවා  නම් විශ්වාසභංගයට අත් දෙකම උස්සා සහයෝගය ලබාදෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා(පොපෙ) පාර්ලිමේන්තුවේ දී  අද (5) පැවසීය.

පියාණන්ට කශේරුකාවක් තිබුණා වගේ පුතාණන්ටත් කශේරුකාවක් තිබිය යුතු බව කී චාමර සම්පත් මහතා  ගාමිණීලාට ලලිත්ලාට බය නැතුව රට පාලනය කළේ පියාණන්ට කශේරුකාවක් තිබුණ නිසා බවද  කීය.

ඒ නිසා රට  බාරගෙන කරන්නැයිද ඊට විපක්ෂ නායකවරයාට සහයෝගය දෙනවා යැයි ද දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *