සොරි කියන ආණ්ඩුව සහ සොරි ම සොරි ජනතාව – අනුර සූරියබණ්ඩාර

වර්තමාන අර්බුදයට හේතුවන ආකාරයට ආණ්ඩුව ගත් තීරණ කිහිපයක් ගැන මුදල් ඇමැති අලි සබ්රි මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. එසේම, ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ද ප්‍රකාශ කළේය. මුදල් ඇමැති කියන තීරණ වන්නේ ආණ්ඩුව බලයට පැමිණි වහාම වැට් ආදී බදු පහළ හෙළීමය. ඩොලරය පාලනය කිරීම සඳහා වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමය. ඩොලරය පාලනය කිරීම සඳහා සංචිත භාවිතය සහ ණය ගෙවීම හේතුවෙන් භාණ්ඩාගාරයේ සංචිත පහත හෙළා ගැනීමය. මුදල් සංසරණය ඉහළ යන ආකාරයෙන් වෙළෙඳපොළ ට මුදල් නිකුත් කිරීමය. ණය ප්‍රතිව්‍යුහගත කරණයකට ඉක්මනින් යොමු නොවීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිසි වෙලාවට යොමු නොවීමය.
ඉහත කරුණු කිසිවක් මුදල් අමාත්‍යවරයා ගේ නව සොයා ගැනීම් නොවේ. පවතින අර්බුදයට හේතුව ඉහත කරුණු බව මෙරට කුඩා දරුවන් පවා හොඳින් දනී.
ඉහත කරුණු ප්‍රකාශ කරන අතරතුර මුදල් අමාත්‍යවරයා විමසුවේ ආණ්ඩුව ඉවත් වූවාය කියා රටට ඩොලර් එන්නේ ද ආදි වශයෙනි. එසේ නම් ජනතාව විමසිය යුත්තේ ආණ්ඩුව සිටියාය කියා , ආණ්ඩුවේ වරදින් අහිමි වූ ඩොලර් නැවත ජනතාවට ලැබෙන්නේ ද කියාය. එසේම, මුදල් ඇමැති කියන වැරදි තීරණ ගනු ලැබූ තැනැත්තන්ට විරුද්ධව ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක්ද ගනු ලබන පියවර කුමක්ද යන්නය. මුදල් අමාත්‍යවරයා කියනු ලබන වැරදි කිසිවක් පාරේ ගමන් කරන අතර කෙනකුගේ ඇඟෙහි ගැටුණු විටෙක මෙන් කනගාටුව ප්‍රකාශ කර අමතක කළ හැකි වන්නේ නැත.එකී වැරදි හේතුවෙන් මුළුමහත් ජනතාවත් රටත් දරුණු අරබුදයකට ලක්ව ඇති බැවිනි. එවැනි දේ අත් වැරදි නොව ජාතික අපරාධ ය. වෙනත් රටක මෙවැන්නක් සිදුවූයේ නම් මුදල් ඇමැති, මහ බැංකු අධිපති වහාම ඉල්ලා අස්වනවා පමණක් නොව ඔවුනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග පවා ගනු ලබනවාට සැකයක් නැත.
බදු සහන දෙනවිට මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ ය. ඔහු මෙතෙක් සිය වරද සම්බන්ධයෙන් කනගාටුව හෝ ප්‍රකාශ කර නැත. ඔහු තවමත් අගමැති ධූරය හොබවනවා පමණක් නොව ඉල්ලා අස් නොවන බවට කටමැතද දොඩවමින් සිටී.
බදු සහන දෙනවිට මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ ය. ඔහු මෙතෙක් සිය වරද සම්බන්ධයෙන් කනගාටුව හෝ ප්‍රකාශ කර නැත. ඔහු තවමත් අගමැති ධූරය හොබවනවා පමණක් නොව ඉල්ලා අස් නොවන බවට කටමැතද දොඩවමින් සිටී.
ඉල්ලා අස් නොවන බවට අගමැතිවරයා දරන අදහසට හේතු වශයෙන්, ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් පෙන්වන්නේ ජනතාව ඡන්දය පාවිච්චි කර ඇත්තේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරය දරනු පිණිසය යන්නය. ජනතාව මහින්දට ඡන්දය දුන්නේ බදු කපා හැර භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම් අහිමි කරන්නට නොවේ. ආණ්ඩුවේ වැරදි බදු පිළිවෙත හේතුවෙන් අනාගතයේ රට අර්බුදයකට පත් වන බවට තතු දත් පිරිස පෙන්වා දුන් කරුණු ආණ්ඩුව තඹයනට මායිම් කළේ ද නැත.
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ජනතාව ජනාධිපතිට සහ අගමැති ඇතුළු පාලක පක්ෂයට ඡන්දය දුන්නේ එවැනි වැරදි තීරණ ගන්නා ආණ්ඩුවකට නායකත්වය දෙන්නටද නොවේ. සීනි බදු වංචා සුදු ලූනු වංචා සඳහා ජාවාරම්කාරයන් පිරිසකට ඉඩකඩ සළසා දෙන්නට ද නොවේ.
මේ වැරදි සියල්ලටම ජනාධිපතිවරයා ද වගකිව යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයාම, විදෙස් විනිමය සංචිත කළමනාකරණය නොකිරීම ආදි සියලු වැරදිවල වගකීම ජනාධිපතිවරයාට ද පැවරේ. එහෙත් ඔහුද ඒ සම්බන්ධයෙන් කනගාටුව හෝ ප්‍රකාශ කර නැත. එමගින් ඔහු පැහැදිලිව ඇඟවුම් කර ඇත්තේ තමන් සිදු කළ වැරදි නිසා ජනතාව පත්ව ඇති විපත පිළිබඳ හැඟීමක් ඔහුට නොමැත්තේය යන්න ය.

රසායනික පොහොර තහනම වැරදි තීරණයක් බව ජනාධිපතිවරයා පසුගිය දා පිළිගත්තේය. රසායනික පොහොර තහනම හේතුවෙන් රට ආහාර හිගයකට ද තල්ලු වී අවසන්ය. එකී තීරණය හේතුවෙන් වී අස්වනු අඩු වීම නිසා සහල් ආනයනය කරන්නට ද ආණ්ඩුවට සිදු විය. ආනයනය කිරීමෙන් වත් රටේ සහල් හිගය නැති කරන්නට හෝ සහල් මිල පහළ හෙළන්නට හෝ ආණ්ඩුවට හැකි වූයේද නැත. ආහාර සුරක්ෂිතතාව යනු රටකට අතිශය තීරණාත්මක කාරණයකි. එය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද බලපානු ලබන කරුණක් ලෙස පිළිගැනේ. ඒ අනුව ජනාධිපතිවරයා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නයක් රටේ ඇති කිරීම සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන තීරණයක් ගැනීම සම්බන්ධයෙන් වරදක් සිදු කර තිබේ. වෙනත් රටක නම් මේ කරුණු ජනාධිපතිවරයාට ධූරයෙන් ඉල්ලා අස්වන්නට වුවමනා තරමටත් වඩා ප්‍රමාණවත් ය. එවැනි පියවරක් ගැනීමට දේශපාලකයකුට හැකි වන්නේ ඔහුට සදාචාරයක් තිබේ නම් පමණි. ඉල්ලා අස් නොවීම මගින් ජනාධිපති , අගමැති සහ ආණ්ඩුව තමන්ට සදාචාරයක් නොමැති බවද දිගින් දිගටම ප්‍රදර්ශනය කරමින් සිටී. ගෝඨාභය සහ ඔහුගේ සහචරයන් බලයේ රැඳීම සාධාරණීකරණය කරන්නේ ජනවරමක් ගැන කියමිනි.
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ආණ්ඩුවට විශාල ජනවරමක් ලැබුණු බව පැහැදිලි නමුත් ඒ ජන වරම දෙනු ලැබුවේ රට බලශක්ති අර්බුදයකට, ආහාර අර්බුදයකට, ඩොලර් හිගයකට, විදෙස් සංචිත හිගයකට ඇද දමන්නට නොව රටට සෞභාග්‍යය උදා කරනු ඇත යන බලාපොරොත්තුව නිසාය. ජනපතිත් අගමැතිත් කැබිනට් මණ්ඩලයත් ප්රජාතන්ත්රවාදී පිරිසක් නම් ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වරද පිළිගෙන වහාම ඉල්ලා අස් ව්ය යුතුය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෑතක කරන ලද සමීක්ෂණයකට අනුව ද ආණ්ඩුව පවසන ජනමතය මේ වන විට ආණ්ඩුව සමඟ නොමැති බව තහවුරු වී තිබේ. එම සමීක්ෂණය පෙන්වන ආකාරයට මේ වන විට මෙරට ජනතාව අතරින් 87.3% ජනාධිපති ඉවත් විය යුතුය යන මතය දරති. අගමැති ඉවත් විය යුතුය කියන්නන් ගේ ප්‍රතිශතය 89.7%බව එම සමීක්ෂණයට අනුව පැවසේ. ඒ නිසා ජන බලය ගැන හෝ මැතිවරණ ජය ගැන කියන කතා ද මේ වන ව්ට ආණ්ඩුවට අදාළ නැත. කෙටි කාලයක් තුළ ආණ්ඩුව දැඩි ලෙස ජනතා අප්‍රසාදයට ලක්ව තිබේ.

එනම්, පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ නියෝජිතයින් සංඛ්‍යාව වර්තමානයේ මහ පොළොවේ ජනතා කැමැත්තට ප්රතිපක්ෂ වේ. කනගාටු වෙනවා වැරැද්ද පිළිගන්නවා වැනි වචන වලින් මේ ප්රශ්නය කෙළවර වන්නේද නැත. කෙළවර කරන්නට හැකි වන්නේද නැත. තමන් අතින් වරදක් සිදුවූ බව ජනාධිපතිවරයා පිළිගන්නේ නම් ඔහු කළ යුත්තේ වහාම ඉල්ලා අස්වීමය. වර්තමාන අගමැතිවරයා මුදල් ඇමැති වශයෙන් කළ වැරදි නිවැරදි කළ හැකි එකම මග ද වරද පිළිගෙන ධූරයෙන් ඉවත් වීමය. ජනාධිපති සහ අගමැති ඉවත් වන්නේ නම් අන්තර් වාර පාලනයකට සහය දෙන බව විපක්ෂයේ කණ්ඩායම් මේවන විට ප්‍රකාශ කරන බැවින් එවැන්නක් මගින් රටේ දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වයද යම් කාලයක් තුළ ඇති කර ගත හැකි වනු ඇත. එසේ නොකර ජනතාව නොමග යවන්නට වරද පිළිගන්නවාය කියම්න් සමාව ඉල්ලමින් බලය ආරක්ෂා කර ගන්නට ආණ්ඩුව දරන සෑම උත්සාහයකින්ම සිදු වන්නේ රටත් ජනතාවත් කබලෙන් ලිපට වැටෙනවාටත් වඩා දරුණු ඛේදවාචකයකට පත් වීමය.
අනුර සූරියබණ්ඩාර
|
|
|||||