පාස්කු දා ප්‍රහාර සහ ඉස්ලාමික රාජ්‍ය (IS) සබදතා – රුක්මනී කෝලිමච්
රුක්මනී කෝලිමච් (Rukmani Callimachi) යනු නිව්යෝර්ක් ටයිම්ස් හි මාධ්‍යවේදිනියකි . 2014 වර්ෂයේ සිට අල්කයිඩා සහ ISIS සංවිධාන සම්බන්ධ ලිපි සපයන ඇය මාලි රාජ්‍යයේ දී අනාවරණය කරගත් අල්කයිඩා ජාත්‍යන්තර තොරතුරු සම්බන්ධ වාර්තා මාලාවට 2014 දී ලැබූ පුලිට්සර්සම්මානය ඇතුළුව තුන්වතාවක් පුලිට්සර් සම්මානයට පත්වුවාය .ජාත්‍යන්තර වාර්තාකරණය සදහා ජෝර්ජ් පෝක් (George Polk)සම්මානයද ඕවර්සිස් ප්‍රෙස් ක්ලබ් (Overseas Press Club) සම්මාන කිහිපයක්ද මයිකල් කෙලි (Michael Kelly) සම්මානය ද ඇය දිනා ඇත . පසුගිය අප්‍රේල් 21 ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සටහනක් තබමින් අය එම ප්‍රහාර වල වගකිය යුත්තන් සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කර තිබුනේ මෙසේය .
01.ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 321 දෙනෙකු ඝාතනයට ලක්වූ බෝම්බ ප්රහාරයන් පිළිබද වගකීම ඉස්ලාමික රාජ්යයේප්රවෘත්ති ඒජන්සිය වගකීම බාරගෙන තිබේ. ඒ වගකීම බාරගැනීම සදහා ඔවුන් දින දෙකකට වැඩිකාලයක් ගතකර ඇති අතර එය ISIS සංවිධානය සම්බන්ධව අසාමාන්‍ය කල් බැලීමකි .
02 .ඇමක් ප්රවෘත්තිඒජන්සිය ( Amaq News Agency) ආරක්ෂක අංශ උපුටා දක්වයි . එසේම ඉන් කියවෙන්නේ ” ඒකාබද්ධ හමුදාවේ රටවල ජාතිකයන් (Nationals Of The Coalition)සහ ශ්‍රී ලංකාවේ කිතුනුවන් ඉලක්කකර පෙරේදා ප්‍රහාරය එල්ල කල ප්‍රහාරකයන් ඉස්ලාමික රාජ්‍ය සටන්කරුවෝය ” යනුවෙනි .
03.බෝම්බ ප්‍රහාරය පාස්කු ඉරිදා සිදුවීම සහ කිතුනු දේවස්ථාන සහ විදේශ සංචාරකයන් නවාතැන්ගත් හෝටල් එහිදී ඉලක්ක වූ බැවින් ස්වදේශික ඉස්ලාම් කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස සිටියා වුව ඔවුනට ජාත්‍යන්තර ජාලයක උපකාර ලැබී ඇතැයි ශ්‍රිලංකාවේ ආණ්ඩුව විශ්වාස කරයි .
04 . මගේ මතය නම් ශ්‍රී ලංකාවේ සිදුකල ප්‍රහාරය කළහැකි ජාත්‍යන්තර ජිහාඩ් සංවිධාන ඇත්තේ දෙකකි . ඒ ISIS සහ අල්කයිඩා ය . මම අල්කයිඩා ඉවත් කරන්නේ , ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පසුව අල්කයිඩා නායකයන් , දේවස්ථාන වලට ප්‍රහාර එල නොකරන බවට නිවේදනයක් නකුත් කල බැවිනි .
05. ” මගපෙන්වූ ප්‍රහාර ” (ISIS විසින් රැස්කරන සටන්කරුවන් විසින් කෙරෙන ප්‍රහාර ) සහ ” පෙලබවීම් ප්‍රහාර ” (ISIS මුලධර්මවාදය විසින් පොලබවලනු ලැබූ පුද්ගලයන් විසින් සිදුකරන ප්‍රහාර ) යන දෙයාකාරයම ISISවිසින් තම අවි ගබඩා වශයෙන් සලකන බව මතකතබාගතයුතුය . ඔවුන්ගේ මතය අනුව එම දෙයාකාරයම නිත්යානුකුලය .
06. ශ්‍රී ලංකාවේ ප්‍රහාර ජාත්‍යන්තර ජිහාඩ් සංවිධාන සමග සම්බන්ධ යැයි ශ්‍රිලංකාවේ බුද්ධි අංශ කල්පනා කරන්නට හේතුව ඒවාහි සුක්ෂමතාවයි. එනම් නගර තුනක ස්ථාන හයක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලට ලක්වීමයි . සියලු ප්‍රහාර පහේ මාරාන්තික ආකාරයට පුපුරා යාමයි .
07. 2015 පැරිස් ප්‍රහාරයට සෘජුව සිරියාවෙන් කදවු ප්‍රහාරකයන් පවා ම්තරම් මාරාන්තික නොවිය . නිදර්ශනයක් වශයෙන් පැරිසියේ Comptoir Voltaire ප්‍රහාරයට ඇතුළු වූ මරාගෙන මැරෙන බෝම්බකරුවා තෙමේම මැරුණා පමණි . ප්‍රහාර 10 ඉන් පැරිසියේ සිදුවූ මරණ සංඛ්‍යාව 130 කි . ශ්‍රී ලංකාවේ 321 කි .
08. මේ ආකාර ඝාතනයන් සිදුකිරීමෙන් පෙනෙන්නේ සංවිධානය සතුව නිපුන බෝම්බ සාදන්නෙකු සිටි බවයි . හයිද්‍රාබාද් ප්‍රහාරය ඇතුළු ප්‍රහාර රැසකදී ISISමගපෙන්වූ ප්‍රහාරකයනට පුපුරන ද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කරගත නොහැකි වූ ආකාරය අපි දුටුවෙමු .
09. අවම වශයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් හතක් සම්බන්ධවූ මෙවැනි ප්‍රහාරයක් සුළු එකක් නොවේ . ප්‍රහාරකයන් අදාල ස්තානවලට රැගෙන ගියේ කවුද ?ඔවුන් භාවිත කල ආරක්ෂක ස්ථාන මොනවාද ? ප්රහරකයනට සහායකයන් දුසිමක් හෝ ඊට වැඩි පිරිසක් සිටි බව සිතීම දුෂ්කර නැත . ඒ පසුබිම ගැන ඔබ කල්පනා කලයුතුය .
10. මෙතරම් පිරිසක් සම්බන්ධව සිටින විට ප්‍රහාරය අඩපණ කිරීමට හොද ක්‍රියාන්විත ආරක්ෂාවක් (Operational Security)අවශ්‍ය වේ . මාසය මුලදී බලධාරීන් විසින් අනතුරු අවිය යන්න සාර්ථක නැත . මෙවැනි ප්‍රහාරයක් සිදු කිරීමට මාසයකට වඩා වැඩි කාලයක් අවශ්‍ය වන බැවිනි .
11 . මම මේ පිළිබද තවමත් සිටින්නේ ගවේෂණය කරමිනි . එහෙත් ශ්‍රී ලංකා ප්‍රහාර වලට ISIS සම්බන්ධ බව ඔප්පු වුවහොත් එය ඉරාකයෙන් සහ සිරියාවෙන් පිටතදී ඔවුන් එල්ල කල මාරාන්තිකම ප්‍රහාරය වන්නට පුළුවන. මට මතක් කරගත හැකි ඊට ආසන්න එකම ප්‍රහාරය සිරියාවේ සෆී මුස්ලිම් දේවස්ථානයේ ප්‍රහාරයයි . එහිදී මියගිය සංඛ්‍යාව 311 කි . ශ්‍රී ලංකාවේ 321 කි . මරණ සංඛ්‍යාව තවමත් වැඩිවෙමින් තිබේ .
12. දින දෙකකට වඩා පසුවී ISIS විසින් ප්‍රහාරයේ වගකීම බාරගැනීම සැලකිය යුතු නැති දෙයකි . ඒ සදහා දිනකට වඩා කාලයක් ගතවීම අසාමාන්‍ය නැත. නමුත් දින දෙකක් ගතවීම දුර්ලභ ය. එකී පමාවට හේතු තිබිය යුතුය. එය දැනගැනීමට මා සතුටුය.
13 .මේ අතරතුර ISIS ට කියා සහයදෙන්නන් කියන්නේ 2014දී මහම්මත්තුමාගේ රාජ්‍යය (Caliphate) ප්‍රකාශයට පත් කළ පසුව එල්ල කළ මාරාන්තිකම ප්‍රහාරය ශ්‍රී ලංකාවේ බවයි. එසේම මහම්මත් රාජ්‍ය භෞතිකව ඉවත් කිරීමට කටයුතු කළ බවට පාරට්ටු ගසන්නන්ට එය වැළැක්වීමට කිසිවක් කළ නොහැකි වූ බවයි.
14. මේ වන විට ISIS විසින් ශ්‍රී ලංකා ප්‍රහාරයට සම්බන්ධ වූ බෝම්බ කරුවන් හතක ගේ නම් නිවේදනය කර ඇත. අබූඋබයදු ,අබු අල්- මුක්තාර් ,අබු කලීල් ,අබු හම්සා ,අබු අල් -බරා ,අබු මුහම්මද් සහ අබු අබ්දුල්ලා
15. @siteintelgroup පරිවර්තනයට අනුව නිවේදනයේ දැක්වෙන්නේ අබු හම්සා කොළඹ සාන්ත අන්තෝනි දේවස්ථානයේ දී පුරවා ගත් බව ය. අබු කලීල් මිගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයයේ දී ය. අබු මුහම්මද් සියොන් දේවස්ථානයෙදිය . අනෙක් අය හෝටල් වලට යොදවා ඇත.
16. ISIS නිවේදනයේ දැක්වෙන නම් තුන ISIS ට නිල නොවන සහයෝගය දක්වන නාලිකාවක සදුදා පළ කළ නම් සමග ගැලපේ. එහි පෙන්වූයේ කොමාන්ඩෝ වරුන් ලෙස හඳුන්වනු ලැබූ ප්‍රහාරකයන් මුහුණු ආවරණය කරගෙන ISIS කොඩිය ඉදිරිපිට සිටින ආකාරයයි.
17. ISIS ඇමක් පුවත් ඒජන්සිය ශ්‍රීලංකා ප්‍රහාරයට සම්බන්ධ වූ වන්නැයි කියන්නන් ISIS කොඩිය ඉදිරියේ සිටින ඡායාරූපයක් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.
18 . අවසානයේ ISIS ප්‍රහාරකයන් ගේ යැයි කියන වීඩියෝවක්ද නිකුත් කර ඇත. එහි නිශ්චල ඡායාරූප සිටි පුද්ගලයන් අට දෙනා අත් අල්ලා ගනිමින් අබූ බක් අල් – බැග්ඩෑඩ් ට අවනතව වන බවට පොරොන්දු වන්නේ ඔහු ”emir al- mumineem” හෙවත් විශ්වාසවන්තයන්ගේ එමීර් වශයෙන් සඳහන් කරමිනි .
19. අවසානයේ ඔවුන් දබර ඇඟිල්ල ඉහළට ඔසවමින් අල්ලාහු අක්බර් හෙවත් දෙවියන් ශ්‍රේෂ්ඨයි කෑ ගසති. එයින් ISIS ගේ දේවවාදී විශ්වාසය සංකේතවත් වේ. ISIS ප්‍රහාරය පිටුපස සිටින බව එයින් තහවුරු වේ ද?
2 0. කණ්ඩායම ISIS සමග සෘජු සබඳතා පැවැත්වූ බව ඉන් තහවුරු නොවේ. වීඩියෝව මගින් පැහැදිලි වන්නේ කුමක්ද? වීඩියෝව සැපයීමෙන් සත්‍ය වශයෙන් වශයෙන් ඔප්පු වන්නේ තම ප්‍රහාර ISIS වෙනුවට සිදු කළ එකක් ලෙස පෙන්වීමට ශ්‍රී ලංකාවේ ප්‍රහාරකයන් උත්සහ කළ බව ය.
2 1. එමගින් තවදුරටත් පෙනෙන්නේ ප්රහාරකයන්ගේ ISIS නොදියුණු බවයි. ප්‍රහාරයට පෙර ප්‍රහාරකයන් ඉස්ලාම් ආගමික රාජ්‍යයේ කලිෆ්ට බැඳී සිටින බවට පොරොන්දු කරගන්නා බව ඔවුන් දැන් සිටියහ. ඔවුන් නිවැරදිව ඒ සම්ප්රදාය අනුව ගියහ.
22. ප්රහාරකයන්ගේ වීඩියෝවෙන් පෙන්නුම් කෙරෙන්නේ අවම වශයෙන් මෙය ISISපෙලබවිම ලැබූ එක්ක බවයි. වැඩිදුරටත් ISIS මග පෙන්වීමක් ඊට තිබේදැයි විමර්ශනවලින් හෙළි කරගත යුතුය. කෙසේ වෙතත් මෙහිදී කණ්ඩායම වඩාත් මාරාන්තික බව බෙහෙවින් දක්නට ලැබේ.
23 . ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරයට සම්බන්ධ එකක් වශයෙන් ISIS මේ ප්‍රහාරය සැලසුම් කළේදැයි සමහරු මගෙන් අසති . මේවනතුරු ISIS නිල ප්‍රකාශ හතරක් නිකුත්වී තිබේ . ඒ කිසිවක ක්‍රිස්ට්චර්ච් සදහන් කර නැත .එසේම දේවස්ථාන ඉලක්ක කිරීම ISIS පිළිවෙතකි .
24 . නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච්හි මුස්ලිම්වරුන් වෙනුවෙන් කොපමණ කිතනුවන් ඝාතනය වී ඇත්දැයි අසන මේ පෝස්ටරය අන්තර්ජාලයේ ISIS උදව් කරුවන්ගේ එකකි .එහෙත් එය අනුගාමිකයන් පලකරන ලද්දක් මිස ISIS නිල ප්‍රචාරණයක් නොවේ .
අනුවර්තනය – සම්පත් අමරසිංහ
