නියෝජ්‍ය කතානායක ඡන්දය පොහොට්ටුව මගහරී

 

අද පාර්ලිමේන්තුවේ දී ආරම්භ වූ නියෝජ්‍ය කතානායක වරයකු තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමක් යෝජනා නොකොට ඡන්දයට තරග  කිරීම මඟ හැරියේ ය.

ඡන්දයකින් ආණ්ඩුව පැරදවීමට විපක්ෂය මෙම අවස්ථාව යොදා ගැනීමට කළ සැලසුම නිසා පරාජය මග හැරීමට එම පක්ෂය පියවර ගත්  බව පෙනෙන්නට තිබිණී.

නියෝජ්‍ය කතානායක තනතුරට හිටපු නියෝජ්‍ය කතානායක රන්ජිත් සියඹලාපිටිය මහතාගේ නම විපක්ෂයෙන් ඉදිරිපත් කළ අතර මහාචාර්ය ජී එල් පීරිස් මහතා නැගී සිට ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂයේ සහයත් ඔහුට හිමි වන බවයි.

එවිට සමගි ජන බලවේගය ඉමිටියාස් බකීර් මාකාර් මහතාගේ නම යෝජනා කළේය.

ඒ අනුව ශ්‍රීලනිප අපේක්ෂකයා සහ සජබ අපේක්ෂකයා අතර ඡන්දය මේ වන විට පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *