පොහොට්ටුවට බහුතරය නැති බව නි. කතානායක ඡන්දයෙන් පැහැදිලි වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පැවති ඡන්ද විමසීමෙන් තහවුරු වී තිබේ.
එහි දී පොදුජන පෙරමුණේ සහය ලැබූ රන්ජිත් සියඹලාපිටිය මහතාට ඡන්ද 148 ක් හිමි වූ අතර විපක්ෂයේ අපේක්ෂක ඉමිටියාස් බකීර් මාකර් මහතාට ඡන්ද 65 ක් හිමි වීය.
සියඹලාපිටිය මහතාට හිමිවූ ඡන්ද 148 න් ස්වාධින වී සිටින පක්ෂවල ඡන්ද 42 ක් ඉවත් කර ගණන් බැලු විට ආණ්ඩු පක්ෂයෙන් ලැබී ඇත්තේ ඡන්ද 106 කි. ආණ්ඩුව ඉවත්විය යුතු බව කියන පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ඡන්ද 10 ක් ද ඉවත් කළ හොත් ඉතිරි ඡන්ද 96 කි. ඒ අතර ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් වැනි මන්ත්‍රීවරුන්ගේත් ඡන්ද තිබිය හැකි ය.
ඡන්දයට ආණ්ඩුවෙන් නාම යෝජනාවක් ඉදිරිපත් නොකොට මග හැර යන්නට උත්සාහ කළ ද ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව මෙම ඡන්දයෙන් පැහැදිලි වී තිබේ.
