පොහොට්ටු තරුණ මැති ඇමැතිවරු අලුත් පාරක් කපති

      ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඊට සම්බන්ධ වී ඇති බවද දැනගන්නට තිබේ. එම පිරිස පසු ගිය මාස කීපයේ වරින්වර රැස්වී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන්…

සජබයෙන් රාජිත, මයන්ත, රෝහිනී , මනෝ ඡන්දය දීමට නැහැ

  දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ඡන්දය භාවිත කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට තිබුණ ද එම පක්ෂයේ රාජිත සේනාරත්න , මයන්ත දිසානායක , රෝහිනී කවිරත්න, සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරුන්  අද පැවති ඡන්ද විමසීමට සහභාගී වී නැත. ඡන්දය විමසන අවස්ථාවේ එම මන්ත්‍රීවරුන් සභා ගැබේ නොසිටි බව වාර්තා වෙයි.

රාජපක්ෂලා ඡන්දෙට නැහැ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙ පාර්ලිමේන්තුවේ අද පැවති ඡන්ද විමසීමේ අවස්ථාවේ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සභා ගැබේ නොසිටි බව වාර්තා වෙයි. මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ , චමල් රාජපක්ෂ යන තිදෙනා ම චන්දය දීමට පැමිණ සිට නැත.

විදුලි බිල අඩුවන තරම ඇමති කංචන කියයි.

  ඒකක 30 ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ විදුලි බිල මෙම මස සිට සියයට   65 කින් අඩු කළ බව ඇමති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එමගින් සෙත සැලසෙන විදුලි පාරිභෝගික පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 කි. ඒකක 30 සහ 60 අතර පරිභෝජනය කරන පවුල් ලක්ෂ 18 කගේ විදුලි බිල සියයට 47 කින්…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැඩි ඡන්ද 60 කින් සම්මත වෙයි.

  දේශීය ණය ප්‍රතිව්‍යුහගත ලිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 60 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද  සංඛ්‍යාව  62  කි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලය මුදල් ඇමතිවරයාට ලබාදීමට යෝජනාව ඉදිරිපත් කොට තිබිණි.

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 328ක් වේ. එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 365ක්…

උද්ධමනය තවත් පහළ ට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුනි මාසයේ උද්ධමනය සියයට 12ක් දක්වා පහත වැටී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවය. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 25.2ක් ලෙස වාර්තා වී තිබුණි. මැයි මාසයේ සියයට 21.5ක් වු ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේ දී…

ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව මුදල් කමිටුවෙන් අනුමතයි

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ  යෝජනාව  රජ්‍ය මුදල් කාරක සභාවෙන් අනුමත කළ බව එහි සභාපති ,ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද ප්‍රකාශ කළේය. ඒ අනුව හෙට දිනයේ එය පර්ලිමෙන්ම්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිත ය. මෙම විවාදය සඳහා දින දෙකක් වෙන් කිරීමට රජය තීරණය කොට තිබුණ ද අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් දේශීය ව්‍යාපාර රැකෙනවා – එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් දේශිය ව්‍යාපාරිකයින් සුරක්ෂිත වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. බංකොලොත්භාවයට පත්ව තිබූ ආයතන පවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මගින් නැවත යථා තත්ත්වයට පත්වන බවද අබේවර්ධන මහතා කීය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කිසිඳු පාර්ශවයක් අසාධාරණයට ලක්වීමට ඉඩ තබන්නේ නැතැයි ද අබේවර්ධන මහතා පැවසීය….

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක් දෙන්න ලෝක බැංකු අනුමැතිය

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඊයේ (28) එම අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම මුල්‍ය සහනය මෙය වේ. එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා…

ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් පොලී අඩුවෙනවා , ආයෝජකයින්ට වාසියි – මුදල් කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය හරියට කළොත් බැංකු පොලිය අඩු වී කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වාසිදායක තත්ත්වයික් උද්ගත වන බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. එය තීරණය වන්නේ රජයේ යෝජනාව අනුව බව ද ඒ මහතා කී ය. ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් ආර්ථිකය කඩා වැටෙන බවට සහ උද්ධමනය…

ප්‍රතිව්‍යුහගතකරණයේ සියලු පාර්ශව මුදල් කමිටුවට කැඳවයි.

  දේශීය ණය ප්‍රතිව්යුහගතකරණයට අදාළ සියලු පාර්ශව කැඳවා සාකච්ඡා කිරීමට රාජ්‍ය මුදල් කාරක සභාව කටයුතු කොට ඇත. ඒ අනුව මහා බැංකුව, මුදල් අමාත්යංශය ඇතුළු රජයේ පාර්ශවයත්,  බැංකු , ඊ පී එෆ් ඇතුළු ණය හිමි පාර්ශවයත් හෙට වෙන වෙන ම සාකච්ඡා දෙකකට කැඳවා තිබේ. අනිද්දා දිනයේ එම දෙපාර්ශවය ඒකට කැඳවා සාකච්ඡා කෙරෙනු ඇත. ඉන් පසු මුදල්…