ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක් දෙන්න ලෝක බැංකු අනුමැතිය

ලංකාවට ඩොලර් දෙන්න ලෝක බැංකු අනුමැතිය

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඊයේ (28) එම අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම මුල්‍ය සහනය මෙය වේ.

එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමක් වශයෙන් සහ අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ද වෙන්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *