ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් පොලී අඩුවෙනවා , ආයෝජකයින්ට වාසියි – මුදල් කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා

 

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය හරියට කළොත් බැංකු පොලිය අඩු වී කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වාසිදායක තත්ත්වයික් උද්ගත වන බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එය තීරණය වන්නේ රජයේ යෝජනාව අනුව බව ද ඒ මහතා කී ය.

ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් ආර්ථිකය කඩා වැටෙන බවට සහ උද්ධමනය වැඩි වන බවට කරන ප්‍රකාශ තමා නොපිළිගන්නා බවත් ඇතිවන්නේ ඊට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් බවත් ඒ මහතා වැඩි දුරටත් කියයි.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *