ප්‍රතිව්‍යුහගතකරණයේ සියලු පාර්ශව මුදල් කමිටුවට කැඳවයි.

 

දේශීය ණය ප්‍රතිව්යුහගතකරණයට අදාළ සියලු පාර්ශව කැඳවා සාකච්ඡා කිරීමට රාජ්‍ය මුදල් කාරක සභාව කටයුතු කොට ඇත.

ඒ අනුව මහා බැංකුව, මුදල් අමාත්යංශය ඇතුළු රජයේ පාර්ශවයත්,  බැංකු , ඊ පී එෆ් ඇතුළු ණය හිමි පාර්ශවයත් හෙට වෙන වෙන ම සාකච්ඡා දෙකකට කැඳවා තිබේ.

අනිද්දා දිනයේ එම දෙපාර්ශවය ඒකට කැඳවා සාකච්ඡා කෙරෙනු ඇත.

ඉන් පසු මුදල් කාරක සභාවේ නිර්දේශ සමග අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *