ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

 ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද හිමිව තිබේ.

අදාළ යෝජනා අද (28) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී එම යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව, මෙම යෝජනා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමු කර එළඹෙන සෙනසුරාදා දින පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *