විදුලි බිල අඩුවන තරම ඇමති කංචන කියයි.

 

ඒකක 30 ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ විදුලි බිල මෙම මස සිට සියයට   65 කින් අඩු කළ බව ඇමති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එමගින් සෙත සැලසෙන විදුලි පාරිභෝගික පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 කි.

ඒකක 30 සහ 60 අතර පරිභෝජනය කරන පවුල් ලක්ෂ 18 කගේ විදුලි බිල සියයට 47 කින් අඩු කොට ඇත .

ඒකක 60 -90 කාණ්ඩයේ මිල අඩු කිරීම සියයට 24 කි. එම කාණ්ඩයේ  පවුල් සංඛ්‍යාව ලක්ෂ 13 කි.

ඒකක 90 -120 කාණ්ඩයේ පාරිභෝගිකයින් 964,000 ක් සිටින අතර ඔවුන්ට හිමිවන ගාස්තු අඩු වීම සියයට 19 කි.

ආගමික ස්ථාන සඳහා ද මේ ආකාරයේ ම ගාස්තු අඩු කිරීමක් ක්‍රියාත්මක කොට ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගී වෙමින් ඇමතිවරයා මෙම තොරතුරු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *