කොවිඩ් අද නිල වාර්තා ; මරණ 171 යි ; ආසාදිතයින් 3555 යි

රජය සුපුරුදු පරිදි අද නිකුත් කළ වාර්තා අනුව කොවිඩ් මරණ 171 ක් තහවුරු කොට තිබේ. මෙරටින් මෙතෙක් දිනකට වාර්තා වන වැඩි ම කොවිඩ් මරණ සංඛ්‍යාව ද මෙලෙස දිනෙන් දින ඉහළ යන අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 6,434 ක් වශයෙනි. අද කොවිඩ් නව ආසාදිතයින් ලෙස අද නිල වශයෙන් වාර්තා කොට ඇති සංඛ්‍යාව 3,555 කි…

ජනාධිපති – රනිල් හමුව විනාඩි 45 යි ; වෙන කිසිවකු නැතිව දෙදෙනා කතා බහක

ජනාධිපති ගොටාභය රාජකපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පැවති සාකච්ඡාව විනාඩි 45 කට පමණ සීමා වූ බව වාර්තා වෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද උදේ වරුවේ මෙම සාකච්චාව පවත්වා තිබේ. වෙනත් කිසිවකුගේ සහභාගීත්වයෙන් තොරව පැවති මෙම සාකච්ඡාවේ දී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය සහ එයට ගත යුතු හදිසි පියවර පිළිබඳව එක්සත් ජාතික…

කොවිඩ් කාර්ය සාධක බලකාය විසුරුවනු ! ආපදා කළමනාකරණ කමිටුව කැඳවනු !! – එජාප යෝජනා කරයි

කිසිදු නීතිමය බලයක් නැති කොවිඩ්  මර්දන කාර්ය සාධක බලකාය වහා ම විසුරුවා හැරිය යුතු බවත්, ජාතික ආපදා කළමනාකරණ කමිටුව කැඳවා තීරණ ගත යුතු බවත්, එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා වෙත භාරදුන් යෝජනා මාලාවේ සඳහන් වෙයි. අදාළ ඇමතිවරුන් සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ද, විපක්ෂ නායකතුමා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද, අදාළ රජයේ නිලධාරීන් ද ඇතුළත් ආපදා කළමනාකරණ කමිටුවෙන් තීන්දු…

කොවිඩ් ඇත්ත ආසාදිත ප‍්‍රමාණය හෙලිකලාම මරන අනුපාතය අඩුවෙයි- සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය

ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා මරණ ඉහළ අනුපාතයක් පෙන්නුවද මරණ අනුපාතය තීරණය වන්නේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව බවත් ඒ අනුව මෙරට වාර්තා වූ සැබෑ ආසාදිත සංඛ්‍යාවේ දත්ත ලැබුණු පසු මරණ අනුපාතය අඩු වනු ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී…

ජනාධිපතිගෙන් රනිල්ට හදිසි කැඳවීමක්

අද ම පැමිණ තමා  හමුවන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා, එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ දුරකථන ඇමතුමක් දී කතා බහ කළ ජනාධිපතිතුමා අද ම පැමිණ තමා හමුවන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වෙයි. කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා…

හොර සල්ලි ගෙන්න ගෙනා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි

ශ්‍රී ලාංකිකයන් විදේශවල සඟවා ඇති කළු සල්ලි කිසිදු විමසීමකින් හෝ බදු ගෙවීමකින් තොරව ආයෝජනය කිරීමට ඉඩ ලබාගැනීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ පනතේ වගන්ති 13 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. පනතේ වගන්ති 12ක් සංශෝධනය විය යුතු බව තීන්දු කොට ඇති ශ්‍රේෂ්ටාධිකරණය,…

ආණ්ඩුව බෑ කියද්දී ජනතාව රට වසති ! වෙළෙඳ සංගම් පෙරමුණ ගනියි !!

කොවිඩ් වසංගතය ඩෙල්ටා ප්‍රභේදයත් සමග රෝගය වේගයෙන් පැතිරෙද්දී සියලු වෛද්‍ය සංවිධානවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව රට නොවසන බව ප්‍රකාශ කළ ද, මේ වනවිට මහජන ඉල්ලීම් මත රටේ බොහෝ නගර වසා දමා තිබේ. ඒ ඒ නගරවල වෙළෙඳ සංගම් මගින් ගත්  තීරණ අනුව ප්‍රධාන නගර රාශියක් මේ වනවිට වසා දම ඇත. තවත් නගර ගණනාවක් හෙට සිට වසා…

කොවිඩ් සුපුරුදු නිල වාර්තා ; මරණ 167 යි ; ආසාදිතයින් 3414 යි

අද රජය නිකුත් කළ නිල වාර්තා අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 167 කි. ඒ අනුව මෙරට  සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 6,263 දක්වා ඉහළ ගොස් තිබේ. අද නිකුත් කළ නිල වාර්තා අනුව අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කොට ඇත්තේ 3,414 ක් වශයෙනි. මෙරට කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 358, 382 ක් වශයෙනි. කෙසේ වෙතත් ,…

“ඔබතුමා සමග දිගටම ගියා නම් බිල්ලට යන්න වෙන්නේ මටයි” – පොරෝහිත රජුට කී දේ ඇමැතිකමින් සමු ගනිමින් පවිත්‍රා කියයි

“ මා වළට දමා යාම ගැන ඔබ තුමාට ස්තුතියි . ඔබතුමා සමග දිගට ම ගියා නම් බිල්ලට යන්න වෙන්නේ මටයි . මම බේරුනේ ඔබතුමා මා වළට දමා ගිය නිසයි “ යයි තමා වළට දමා ගිය රජතුමාට පොරෝහිත පැවසු බව පැරණි අටුවා කතාවක් උපුටා දක්වමින් හිටපු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද ප්‍රකාශ කළා ය. ඒ…

මඩේ සිටවූ කොරෝනා මර්දනය – අනුර කේ එදිරිසූරිය

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා  ගෙන ඇති අලුත්ම  තීරණයට අනුව අගෝස්තු 15 මධ්‍යම රාත්‍රියේ සිට; හෝටල් වල සහ හෝල් වල කෙරෙන සමාජ උත්සව , එක්රැස් වීම්  තහනම් කර  , අගෝස්තු 16 සිට නැවත දැනුම්දෙන තුරු රාත්‍රී 10.00 සිට  පෙරවරු  4.00 දක්වා ඇඳිරිනීතිය පණවා තිබේ . මෙකී තීරණය ප්‍රකාශයට පත්කරන  මොහොත වන විට  නිල වශයෙන්  තහවුරු…

සහනයක් දැනේ නම් සුද්දාට පලු යන්න බණින්න – නිශාන්ත කමලදාස

සුද්දා යනු හොඳින් තැලිය හැකි මුව හමකි. කොටින් ම සුද්දා විවෘත ආර්ථිකය වගේ කොයි‌ දේ ට ත් වග කිව යුතු යැයි අපට හිතෙන අපූරු සංකල්පනාවකි. කළ දේ ට මෙන් ම නොකළ බොහෝ දේ ට ද බැණුම් අහන ගෝතයෙකි. සුද්දා කියා කෙනෙකු නැතිවාට අමතර ව, බණින්නේ සිංහලෙන් නිසා, හිටියා වුනත් ඌට මේ කපේ දී මේවාට උත්තර…

ඇමතිවරුන්ට පුටු මාරුවක්

ඇමති මණ්ඩලයේ තනතුරු මාරුවක් මීට සුළු මොහොතකට පෙර සිදු කොට තිබේ. මෙහි දී ඇමති මණ්ඩලයට කිසිවකු අලුතින් පත්කොට හෝ ඉවත් කොට හෝ නැති අතර තනතුරු මාරු කිරීමක් පමණක් සිදු කොට තිබේ. විෂයයන් වෙනස් වීම හැරුණු විට ඇමති මණ්ඩලයේ වෙනස් වීමක් සිදු කොට නැත. මෙම ඇමති මාරුවට අනුව මෙතෙක් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී…