ජනාධිපති – රනිල් හමුව විනාඩි 45 යි ; වෙන කිසිවකු නැතිව දෙදෙනා කතා බහක

ජනාධිපති ගොටාභය රාජකපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පැවති සාකච්ඡාව විනාඩි 45 කට පමණ සීමා වූ බව වාර්තා වෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද උදේ වරුවේ මෙම සාකච්චාව පවත්වා තිබේ.
වෙනත් කිසිවකුගේ සහභාගීත්වයෙන් තොරව පැවති මෙම සාකච්ඡාවේ දී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය සහ එයට ගත යුතු හදිසි පියවර පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කොට ඇති යෝජනා සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපති කාර්ය සාධක බලකාය විසුරුවා හැර ඇමති මණ්ඩලයෙන් තීරණ ගෙන හදිසි වැඩ සටහනක් ක්‍රියාවට නැගිය යුතු බව යි.
වික්‍රමසිංහ මහතාගේ යෝජනා පිළිබඳව ජනාධිපතිතුමා තම ස්ථාවරය මෙතෙක් ප්‍රකාශ කොට නැත.
සබැඳි පුවත්
http://yukthiya.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7-%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83/
