කොවිඩ් අද නිල වාර්තා ; මරණ 171 යි ; ආසාදිතයින් 3555 යි

රජය සුපුරුදු පරිදි අද නිකුත් කළ වාර්තා අනුව කොවිඩ් මරණ 171 ක් තහවුරු කොට තිබේ.
මෙරටින් මෙතෙක් දිනකට වාර්තා වන වැඩි ම කොවිඩ් මරණ සංඛ්‍යාව ද මෙලෙස දිනෙන් දින ඉහළ යන අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 6,434 ක් වශයෙනි.
අද කොවිඩ් නව ආසාදිතයින් ලෙස අද නිල වශයෙන් වාර්තා කොට ඇති සංඛ්‍යාව 3,555 කි
මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 365,629 ක් වශයෙන් වාර්තා කොට තිබිණි.
කෙසේ වෙතත්, මෙම සංඛ්‍යා නිවැරදි නොවන බව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය ද පිළිගෙන ඇත.
