රනිල්ගේ යෝජනාව මෛත්‍රී ස්ථිර කරයි ! පක්ෂ නියෝජිත සමුළුවක් ඉල්ලයි

කොවිඩ් වසංගතය උත්සන්න වීමෙන් රටේ පැන නැගී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සාකච්ඡාවක් වහාම කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
මීට පෙර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඊයේ ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙසයි.
හිටපු ජනාධිපතිවරයා ද අද කළේ එම අදහස ම වෙනත් වචනවලින් ඉදිරිපත් කිරීමක් බව පෙනෙන්නට තිබේ.
“මේ අවස්ථාවේදී අප කළ යුත්තේ එක එක්කෙනාගේ වැරදි සොයනවාට වඩා තිබෙන ප්රශ්නය විසඳා ගැනීමයි. ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවක සියලු දෙනා පක්ෂ පාට බේද අමතක කර එකාවන්ව ඒකරාශි විය යුතුයි” අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිතුමා පැවසීය.
රට අද මුහුණ දී සිටින්නේ මුළු ලෝකයම බලාපොරොත්තු නොවූ ව්‍යසනයකට යැයිද හෙතෙම පැවසුවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මීට වඩා උදව් මෙරටට ලබා ගත හැකි බවත්, මුළු ලෝකයේ ම නායකයන් මේ ව්‍යසනයෙන් අද කම්පනයට පත්ව සිටින බවත්, සිරිසේන මහතා ප්‍රකාශ කළේය .
සෞඛ්‍ය සේවයේ සම්පත් හිඟය ශ්‍රී ලංකාව පමණක් මුහුණ දී සිටින තත්වයක් නොවේ යැයි කී හෙතෙම ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය සේවයේ සම්පත් හිඟයට මුහුණදී ඇතැයිද කීවේය.
මේ තත්වයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකාවන්ව අධිෂ්ඨාන කරගත යුතු බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.
